IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අධිකරණයට හොරෙන් රට පනින්න ඇවිත් මාට්ටු

(ටී.කේ.ජී.කපිල)

මිනුවන්ගොඩ අධිකරණයෙන් විදෙස් ගත වීම  තහනම් කළ ව්‍යාපාරිකයකු, කූඨ ලෙස සකස් කර තායිලන්තය වෙත පළා යාමට කටුනායක පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

මොහු ඉකුත් පෙරේදා දින අලුයම 01.08 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිත තායි ගුවන් සේවයේ ටී.ජී.- 308 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි මෙම ව්‍යාපාරිකයා සිය ගුවන් යානා නිශ්කාශන කටයුතු නිම කර , ගුවන් තොටුපොළ විගමන අංශය වෙත පැමිණ සිටියදී , එහි රාජකාරී කටයුතු වල නිරත වී සිටි ආගමන විගමන නිලධාරීවරයා මොහුගේ ලියකියවිලි පරීක්ෂා කර බලා , ඇති වූ සැකය මත ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ .

එහිදී මෙම ව්‍යාපාරිකයා සහ ඔහු සතු ලියකියවිලි ද සමග ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබූ අතර , එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවත් , එසේම එහි සටහන් කර ඇති විගමන මුද්‍රා ද ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබේ .

 



අදහස් (0)

අධිකරණයට හොරෙන් රට පනින්න ඇවිත් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site