
( සිතුම් චතුරංග)
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත් බලපෑම් හේතුවෙන් ඉල්ලා අස්වීමට සිදුවූ මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාට යුක්තිය ඉටුකරණ ලෙසත් ඉල්ලා කිලිනොච්චිය ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් අද(02) කිලිනොච්චිය නගරයේදී විරෝධතාවක නිරත වූහ.
රජය විසින් අධිකරණයට ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් එහි ස්වාධීනත්වයට බලපෑම් සිදුකරන බවත් විරෝධතාකරුවන් පැවසීය.
ආණ්ඩු පක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ විවිධ ආකාරයෙන් අධිකරණයට හා විනිසුරුවන්ට බලපෑම් සිදුකරන බවත් එවැනි බලපෑමක ප්‍රතිඵලයක් ලෙස මුලතිව් මහෙස්ත්‍රාත්වරයාට සේවය අතහැරයාමට සිදුවූ බවත් කීය.
රජය විසින් අධිකරණයට බලපෑම් කරන්නන් සහ මහෙස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව චෝදනා එල්ලවන පාර්ශව වෙත කඩිනමින් පියවර නොගතහොත් ඉදිරියෙදී උතුරු පළාතතුල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් විරෝධතාකරුවන් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා කියන්නෙ කොටි අධිකරණය ගැනද ? අනේ මන්දා මඤ්ඤං වගේ.
ටී. සවරනරාජ පැනලා ගියේ කලින්ම තිබුන ප්ලෑන් එකකට කියලා දෙමළුන්ට හා සමහර සිංහලයින්ට නොතේරුණාට ඒ ගැන විචක්‍ෂණ ලෙස බලන කෙනෙකුට පෙනෙනවා. වීසා කටයුතු කර දෙන අපිට කෙනෙකුට visa ලබා දෙන්න යන කාලය ගැන අවබෝධක් තිබෙනවා. සවරනරාජා දෙමල්ලු මේ රටට පැමිණි ආකාරයටම කල්ලතෝනියෙන් පැනලා නොගියානම් අඩු ගන්නේ මාස දෙකකට කලින් රටින් පනින්න ප්ලෑන් කරාතිබුණා. ඒ නිසයි ඊයේ අස්වුණා අද රටින් පැන්නේ. ගුවන් ගමන conferm වෙනතුරු නිශ්ශබ්දව හිටියා. රටට අපහාසයක් වෙන්න කියන්න තිබුණු එකම හේතුව මරණ තර්ජන තිබුණා කියලා. නමුත් මිනිහා තමන්ට මරණ තර්ජන තිබෙනවා. කාටවත්ම පැමිණිලි කර තිබුනේ නැහැ. අනික මෙයා ගියා කියලා අපිට ඇති පාඩුව මොකක්ද?