(පද්මිණි මාතරගේ)
කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා මේ වන විට අබලන් තත්ත්වයට පත් වීමට විසඳුම් වශයෙන් අධිකරණ පියස නව ගොඩනැගිලි සංකිර්ණය ඉදිකිරිම සඳහා අක්කර 06 ක ඉඩමක් මේ වන විට වෙන්කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව පවතින අබලන් අධිකරණ ගොඩනැගිලි වෙනුවට තට්ටු 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැගිල්ලක් අධිකරණ හා බණ්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ කටයුතු සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැගිල්ලක් විනිසුරුවන්ගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැගිල්ලක් හා නව නීති මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැගිල්ලක ඉදිකිරීමට නියමිතව ඇත.
ඩොලර් මිලියන 94.55 ක මුදලක් අධිකරණ පියස ගොඩනැගිලි සංකිර්ණය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් වැය කිරීමට නියමිත අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව ද අධිකරණ හා බණ්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ ශාලා 40 කින් සමන්විත තට්ටු 12ක ගොඩනැගිල්ලක්, අද තියෙන ප්‍රශ්ණයට පිළිතුරක් නෙමෙයි මේක... දැනට තියෙන උසාවි වලින්... ගොඩ ගහගෙන තියෙන නඩුව විභාග කරලා... දඬුවම් දෙන්න තියෙන අයට දඬුවම් දීලා, ඉවරයක් කරලා දාන්න... ඔය මොනදේ කළත් මේ අපේ රටේ මින්සුන්ගෙන් අධික ලෙස බදු පටවලා, අපේම මුදල්වලින් පරිහරණ වෙන ආයතන මේවා..., මේවා රටෙන් තුරන් කරන්න නම් රටෙ ආරක්ෂාව ප්‍රමුඛත්වය දීලා, රටේ නීතිය දේශපාලකයන්ගේ රැහැනෙන් මුදවාගෙන, පොලිසියට බාරදෙන්න. දේශපාලුවන්ට කඩේයන නීතිවේදීන් පන්නලා දාන්න...
ඔව් ඉතින් වැඩිවන හොරු ප්‍රමාණයේ හැටියට ඒ පහසුකමුත් දැඩිවෙන්න එපෑයෑ.
සෙනරත් සුජීව මහතා වෙත, ඔබතුමා සඳහන් කළ පරිදි අධිකරණයේ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැහිලා තිබෙනවා. මේ ගොඩනැගිල්ල හැදුවාම, එහි එක වෙලාවට නඩු ශාලා 40 ක නඩු 40 අහන්න පුළුවන් නිසා නඩු ගොඩ ගැසෙන එක නැතිවෙනවා. රටපුරාම තිබෙන මහේස්ත්‍රාත් අධිකරණ අඩුම තරමේ අධිකරණ ශාලා 3-4 තිබෙන ලෙසට නවීකරණය කරන්න ඕනේ එහෙම කරලා නඩුකාරයෝ 3-4 එකවිට නඩු විසඳන්න පුළුවන් වුණොත් අවුරුදු 20-30 ගොඩගැහිලා තිබෙන නඩු ටික ඉක්මණට අහලා ඉවර කරගන්න පුළුවන්.., ප්‍රශ්නයකට තිබෙන්නේ පෙරකදෝරුවෝ මේකට කැමති වේවිද? කියන එක? ජර්මනියේ තිබෙන්නේ මෙවැනි අධිකරණ ශාලා 20-30 ගොඩනැගිලි, මෙහෙ ඕනෑම නඩුවක් මාස කිහිපයකදී අහල ඉවර කරනවා.
විපක්ෂ නායකට අලුතෙන් කාර් ගෙන්නුවේ ඉස්සරහට එයාලටම වුවමනා නිසා වගේ ඕවත් ඉස්සරහට එයාලටම වුවමනා නිසා...
ලංකාවේ නඩු අවුරුදු ගණන් ඇදෙන්නේ පෙරකදොරුවන් නඩු දිග්ගසමින් මුදල් ගරා කෑම නිසයි. විනිසුරුකරුවන් තදින් ඉන්නවා නම් මෙය සිදුවන්නේ නැහැ. නඩු අසන අධිකරණ ශාලා ගණන වැඩි කිරීම හොඳ දෙයකි.
නඩු ශාලා වැඩිවෙනවා. හිරගෙවල් අලුතින් හැදෙනවා. ඒවා ගැන ප්රචාරණයත් මහා සද්දෙන්. එ්වල අර්ථය කුමක්ද?
අධිකරණ වැඩිවෙනවා කියන්නේ රට පිරිහෙනවා කියන එක... දේශපාලන අධිකාරියම කුණුවෙලා රටම ගඳ ගස්සනවා. ඒ කුණු ගඳෙන් රට තුළ එන්න එන්නම වැරදි කරුවන් බිහිවෙනවා. වාසිය ඇත්තේ ඔය බොරදියේ මාළු බාන අර ඇත්තන්ට පමණි...
නටන්න බැරි මිනිහට පොළොව ඇදයි වගේ කතාවක් මේක. , උවමනාවක් තියෙනවනම් මේ. නඩු සේරම අහල ඉවර කරන්න පුළුවන් , දුප්පත් දරුවෝ තමන්ගේ අධ්‍යාපනය කරගෙන යන්නේ පොල් අතු මඩුවල වල ඉඳගෙන. , මේ කට්ටියට මේ තරම් නඩු ගොඩ ගැහෙන්න ගොඩනැගිලි පරණ. නිසාද? හිත ඇත්නම් පත කුඩාද ?