IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අධිකරණ භූමියෙන් අතුරුදන් වැලි ලොරිය ගැන විමර්ශනයක්

(මනෝප්‍රිය ගුණසේකර)

ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගබඩා කර තිබු වැලි තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක්  හදිසි වැටලීමක් කළ බවට තොරතුරු අනාවරණය වේ.

විවිධ අපරාධයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණ භූමියේ ගබඩා කර තිබු වැලි තොග අතුරුදන් වී ඇති බවට අධිකරණ සේවා කොමිෂන් සභාවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇතැයි වාර්තා වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ විනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චන්දිම බණඩාර මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක්  මෙම වැටලීම කර ඇති අතර  ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයිද වාර්තා වේ.

ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට උදෑසන 9.00ට පමණ පැමිණී අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායම සවස 3.00 පමණ වනතුරු අදාළ විමර්ශන කටයුතුවල නිරත වු බවද වාර්තාවේ.

 



අදහස් (0)

අධිකරණ භූමියෙන් අතුරුදන් වැලි ලොරිය ගැන විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site