IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අධිකරණ නියෝගයෙන් පඬුකරඳ ගහ ගොඩ ගෙන යළි සිටුවයි

(ආනන්ද ඉ ජයකොඩි සහ අධිකරණ ටෝනි කරුණානායක)

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන දාරළුව ප්‍රදේශයේ තිබී හොර රහසේ කපා වල දමා තිබූ පඬු කරඳ ගස (කෲඩියා සෙලනිකා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මියගේ නියෝගයෙන්  වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ අද 28 පස්වරුවේ ගොඩ ගෙන ආරක්ෂාව සඳහා හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන යනු ලැබීය.

මෙම අද පෙරවරුවේ නැවත කැඳවූ අවස්ථාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු කටයුතු පිළිබඳ ව්‍යාපෘති අංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රසික දිසානායක මහතා කරුණු දක්වමින් මෙය රජයට පවරා ගෙන ඇති පුද්ගලික ඉඩමක තිබූ ගසක් හෙයින් එය ගොඩ දැමීමට නියෝග කිරීමට බලයක් නොමැති බව කියා සිටියේය.

මෙහිදී පුරා වස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොෂාන් කහටපිටියපිටිය මහතා කරුණු දක්වමින් පුදුම කතාවක් ඒක මේ අධිකරණයට පැවරී ඇති බලතල අනුව ගස ගොඩ ගැනීමට නියෝග කර ඇති බවත් ඒ පිළිබදව අභියෝග කළ නොහැකි බවත් කියා සිටියේය.

මේ පිළිබඳව ඇති සියලු පනත්වලින් මෙය දුර්ලභ ගණයේ ශාකයක් බවට තහවුරු වී ඇති හෙයින් ගස හොරෙන් කපා වළ දැමීම පිළිබඳව නඩුව ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවද නීතීඥවරයා කීය.

අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය:-

නඩුව ඉදිරියට පවත්වා ගෙන යනවාද?

ගම්පහ අතිරේක දිසා වන නිලධාරී මහී වරණප්‍රිය මහතා:-

ඔව් වන සංරක්ෂණ ජනරාල්තුමාගේ උපදෙස් ලබා ගෙන නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට කටයුතු කරනවා.

ඒ අනුව බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ ගස ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එම නියෝගයෙන් අනතුරුව ගම්පහ හා බෙම්මුල්ල පොලිස් ස්ථානවල නිලධාරීන් ගේ මග පෙන්වීම යටතේ ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ගස වල දමා ඇති ස්ථානයට ගොස් ගස ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගෙන ගස ගොඩ ගනු ලැබීය.

ගස ගොඩ ගැනීමෙන් පසුව විශාල ටිපර් රථයකින් එය ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් පස්වරු 4.30 ට පමණ උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂිකා රුවනි ගෝමස් මහත්මියගේ නිරීක්ෂණය යටතේ එය නැවත රෝපණය කරනු ලැබීය.

 

 

 

 



අදහස් (4)

අධිකරණ නියෝගයෙන් පඬුකරඳ ගහ ගොඩ ගෙන යළි සිටුවයි

සල්ලි Saturday, 29 July 2023 03:19 PM

හයිවේ එකේ මීරිගමට යන්නේ කවදාද දෙවියනේ...?

:       0       0

පැරකුම් Saturday, 29 July 2023 05:00 PM

ඔය ගහ අධිවේගී මාර්ගයේ තිබුණු තැනම හිටෙව්වා නම් තමයි හරි...

:       1       2

Mahi Sunday, 30 July 2023 09:36 AM

මෝඩයින් සිටින බව ඔප්පු කර, නිගමනය කරනවා තකතීරු බවත්, ලෝකයේ කොහේවත් මේ වගේ මෝඩ, තකතීරුවන් නැත.

:       0       5

AMIN Sunday, 30 July 2023 11:15 PM

මේ වගේ වැඩවල සීමාවක් තියෙන්න ඕනෑ... කවදාවත් රට දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ මෝඩ වැඩ නිසා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site