(මනෝප්‍රිය ගුණසේකර)

නඩු විමසීම් කළේ ඇයි ද යන්න පිළිබඳව කරුණු දක්වන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් දස දෙනකුගෙන් පමණ කරුණු විමසා ඇතැයි වාර්තා වේ.

ඉන්ධන සහ ආර්ථික අපහසුතා හේතුවෙන් රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවේදී අත්‍යවශ්‍ය නඩු කටයුතු හැර අනෙකුත් නඩු කටයුතු නොවිමසන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාව චක්‍රලේඛනයක් මගින් දැනුම් දී තිබියදී අධිකරණ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙලෙස කරුණු විමසා ඇතැයිද වාර්තා වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ චක්‍රලේඛනයක් මගින් දැනුම් දී තිබියදීත් අධිකරණ කටයුතු පවත්වාගෙන යමින් නඩු කටයුතු විමසීම සම්බන්ධයෙන් සතියක කාලයක් තුළ නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් වෙත දැනුම් දී ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නඩු කටයුතු පමා වී ඇති හෙයින් අධිකරණ කටයුතු නොපමාව පවත්වාගෙන යමින් නඩු විභාගයන් නොපමාව පවත්වන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී සතියකට පමණ පසු තවත් චක්‍රලේඛනයක් නිකුත් කරමින් රට පත්ව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය නඩු කටයුතු පමණක් සිදුකරන ලෙස දැනුම් දී තිබිණි.