(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළට ත්‍රී ඕ ත්‍රී වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උන්ඩයක් රැගෙන යාමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.
එම ජීව උණ්ඩය මිලි මිටර් 77 දිගැති එකක් බව පොලිසිය කියයි.
අධිකරණයේ නඩු කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයන් ප්‍රධාන ගේට්ටුවේ මුර පොළ අසල දී දැඩි පරීක්ෂාවට ලක් කරන අතර ඒහිදි සැකකරු සතුව තිබූ ගමන් මල්ල තුළ තිබි මෙම ජීව උණ්ඩය සොයාගෙන ඇත.
කකරුගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමේදී පැහැදිලි ප්‍රකාශයක් ලබා නොදෙන බවත් පොලිසිය කියයි.
සැකකරු නඩුවක් සඳහා පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණෙමින් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ජීව උණ්ඩය අධිකරණය තුළට රැගෙන යාමට උත්සාහ දැරුවේ කුමක් සඳහා ද යන්න පැති කීපයක් ඔස්සේ පොලිසිය විමර්ශන පවත්වයි.
සැකකරු කැලණිය දිප්පිටිගොඩ පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකණයට උණ්ඩයක් ගෙනියන්න හැදූ අයෙක් අල්ලයි