IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අධික රස්නයෙන් මරණ අවදානමක්

(සුජිත් හේවාජුලිගේ )

අධික වියළි කාලගුණය හේතුවෙන්  පාසල් ක්‍රීඩා තරග, වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ  එළිමහන් ක්‍රීඩා කටයුතුවලදී  ජලය හෝ වෙනත් පාන වර්ග වැඩි වශයෙන් පානය කරන ලෙස  කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා  ඉල්ලීමක් කළේය.

දහඩිය සමග වැඩි වශයෙන් සෝඩියම් පිටවන හෙයින් විශේෂයෙන්ම ලවණ සහිත තැඹිලි නාරං කුරුම්බා පොල් වතුර කැඳ දොඩම් සුප් වැනි පාන වර්ග මේ දිනවල වැඩි වශයෙන් පානයට ගැනීම  ඉතාමත්  සුදුසු බවද  හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන්ම ක්‍රීඩා තරග උදේ වරුවේ හෝ ඉර බැස ගිය පසු සවස් යාමයේ  පවත්වන්නේ නම් විජලනය සෑහෙන දුරට වළක්වා ගත හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා අධික අව් රශ්මිය පවතී නම් සෙවණ සහිත ස්ථානවල ක්‍රීඩා කටයුතු කිරීම වැදගත් බවද ප්‍රකාශ කළේය.

එළිමහනේ කුඹුරු වැඩ කරන, මාර්ගවල වැඩ කරන සහ  හමුදාවේ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් අධික විජලනයට ලක්විය හැකි හෙයින්  වැඩි වශයෙන් වතුර පානය කිරීම වැදගත් බවද ඔහු  පෙන්වා දුන්නේය.

අව්ව සහිත වේලාවන්හිදී එළිමහනේ සිටියදී සුදු සරල කපු ඇඳුමකින් සැරසී තොප්පියක් හෝ වෙනත් හිස් වැසුමක් පැළඳීම වැදගත් බව පැවසූ දීපාල් පෙරේරා මහතා මත්පැන් පානයෙන් ශරීර උෂ්ණත්වය තවත් ඉහළ යා හැකි බවද ප්‍රකාශ කළේය.

පාසල් යද්දී දරුවන්මේ දිනවල  වතුර බෝතල් දෙකක්  රැගෙන යෑම වැදගත් බවත් වතුර වරින්වර බොන ලෙස ගුරුවරුන් දරුවන්  දැනුවත් කළ යුතු බවත් ඔහු පැවසීය

එසේම මේ දිනවල දිනකට දෙපාරක් හෝ දිය නෑම  ඉතා සුදුසු බවත් දරුවන්ට වතුරේ බැස සිටීමට සැලැස්වීමද ප්‍රතිඵලදායක බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය නොකළහොත් දරුවන්ට තාප කම්පන තත්වයන් ඇතිවී  මරණය පවා සිදුවිය හැකි බව පැවසූ හෙතෙම පාසල් රැසක දරුවන් තාප කම්පන තත්වයන් ඇතිවී  ක්ලාන්ත වී ඇතැයි වාර්තාවූ බවද ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම දරුවන් වාහනවල රඳවා පිටතට යෑමෙන් වළකින්නැයි මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන දීපාල් පෙරේරා මහතා අධික වියළි  කාලගුණය සමග නිසි වාතාශ්‍රය නොලැබීම හේතුවෙන් දරුවන් වාහන තුළදී  තාප කම්පන තත්වයන්ට පත්වී මරණය පවා ඇතිවිය හැකි බවද පෙන්වා දුන්නේය.



අදහස් (2)

අධික රස්නයෙන් මරණ අවදානමක්

වියත්මගේ සෞභාග්‍යය Monday, 26 February 2024 01:01 PM

දොස්තර මහත්තයෝ කොවිඩ් කාලයේ අපිට ආණ්ඩුව විසින් බියගැන්වීම් කර බලෙන්ම එන්නත් කළාට පස්සේ අපේ සෞඛ්‍ය තත්වය ඉතාමත් වේගයෙන් අඩුවෙනවා. අව්ව වැඩිවුණත්, වැස්ස ඇතිවුණත්, පිණිබෑවත් ඉවසන්න අමාරුයි කොතරම් බෙහෙත් බිව්වත් හරියට සුවයක් ලැබෙන්නේ නැහැ. එහෙම තියෙද්දී දවසට නොවෙයි සතියකට දවසක් වත් නාන්න බැහැ... උෂ්ණත්වය ඉවසන්න අමාරුයි. ඒක තමයි පවතින තත්වය...!

:       5       8

දිමුත් Monday, 26 February 2024 03:35 PM

ඔය උපදෙස් ටික පාසල්වලට යවන්න...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site