(සුජිත් හේවාජුලිගේ )
පාසල්වල ක්‍රීඩා උත්සව කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇත.
අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාද වී හෝ මෙම තත්වය ඇතිකළ එක හොඳයි. නමුත්, විදුහල්පතිවරුන්ගේ නොසැලකිල්ලෙන්... ඒ සඳහා අහිංසක සිසුවෙක් තම ජීවිතයෙන් වන්දි ගෙවීම අතිශයින්ම කණගාටුදායකයි. එහෙම සිද්ධියක් වනතුරු බලධාරීන් නිකන් බලාගෙන සිටියි.
කරුණාකර මින්පසු පාසල්වල වාර්ෂික ක්‍රීඩා උත්සව දෙවන වාරයේ ජුනි මස පැවැත්වීමට පියවර ගන්නැ'යි ගරු ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිමි. සාමාන්‍යයෙන් පළමුවන වාරයේ පවත්වන්නේ සිසුන්ට අධ්‍යාපනික කටයුතු තරමක් අඩු සමයක් නිසා වුව ද වර්තමාන දේශගුණික විපර්යාස සැලකිල්ලට ගත යුතුයි. ජුනි මාසය ඉතා සෞම්‍ය කාලයකි. එමෙන්ම සිසු දරුවන්ට තමන්ගේ අධ්‍යාපනික කටයුතුවල පීඩනයෙන් සහනයක් ලැබීමට දෙවන වාරයේ පැවැත්වීම හේතු වනු ඇත...