
(විමුක්ති එස් රුද්‍රිගු)
උතුරු ඇමරිකාව, දකුණු සහ නැගෙනහිර ආසියාව සහ ගිනිකොනදිග යුරෝපය ඇතුළුව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති දැඩි උෂ්ණත්වයෙන් දහස් ගණනක් මියගොස් තවත් විශාල පිරිසක් රෝගාතුර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දැඩි උෂ්ණත්වයක් බලපා ඇති සියලු ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පසුකර ඇති බවත් ඉදිරියේදී ඇතිවන දැඩි කාලගුණික තත්වයට මෙය පෙර නිමිත්තක් බවත් කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේය.
මෙම වසරේ මාර්තු මස 1 වැනිදා සිට ජූනි මස 18 දක්වා කාලයේදී ඉන්දියාව තුළ දැඩි උෂ්ණත්වය හේතුවෙන් මරණ 110 ක් සිදුව ඇති බවත් 40000 කට වඩා වැඩි පිරිසක් දැඩි උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුර වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම ග්‍රීසියේ පසුගිය සති කීපයේදී දැඩි උෂ්ණත්වය උෂ්ණත්වය හේතුවෙන් සංචාරකයින් 5 දෙනකු මියගොස් ඇති බවත් ඒ අතර මාධ්‍යවේදියකුද සිටින බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
එසේම හජ් වන්දනාකරුවන් 1081 දැඩි උෂ්ණත්වය හේතුවෙන් මියගොස් ඇති බවත් ඉන් 658ක් ඊජිප්තු ජාතිකයන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.හජ් වන්දනා සමයේදී මෙකාහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 52ක් ලෙස වාර්තාවූ බවද ඔහු පැවැසුවේය.සර්බියාවේ අගනුවර බෙල්ග්‍රේඩ්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් ලෙස වාර්තා වූ බවත් දැඩි උෂ්ණත්වය හේතුවෙන් හෘද හා නිදන්ගත රෝග තත්වයන් උත්සන්න වීම හේතුවෙන් එක් රාත්‍රියකට රෝගීන් 109 දෙනෙකුට ප්‍රතිකාර කිරීමට සිදුවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ වනවිට ඇමෙරිකානුවන් මිලියන 100 කට දැඩි උෂ්ණත්වයෙන් ආරක්ෂා වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් ලොව පුරා හටගෙන ඇති දැඩි උෂ්ණත්වය දේශගුණික විපර්යාස වල ප්‍රතිඵලයක් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු 500 ක් මිනිසා මිහිපිට සිටීවිද?
ලංකාවට හෙණ ඉල්ලමින්, ගරහමින්, වාසයට නුසුදුසු රටක් හැටියට හංවඩු ගසමින් තමන්ගේ ස්වාර්ථය පමණක් උදෙසා රට හැර යන උගතුන් යයි කියා ගන්න මොලුන්ට, මේ කිසි උපද්‍රවයක් නොමැති ලංකාව සමග වෛර බැඳීම අපභ්රන්ශයක් නොවේ ද! නමුත් මෙහි බොහෝ වැසියන් නම් දේශපාලන කන්නාඩි දාගෙන අනුන්ට ගරහන්නන් වීම කෙදවාචකයකි. බොහෝ දෙන පරිසරය, සාගරය පිලිබඳ කිසිම වගකීමක් නැති නරුමයන් පිරිසකි. විනයක් නොමැති අහිනකි. මෙවැනි අවාසනාවන්ත තත්වයන් ඇති වීමට බලපාන දේශගුණික විපර්යාසයන් සිදුවීමට හේතු වන සොබාදම් විරෝධී කටයුතු දැන දැනම සිදු කරන මරි මෝඩ රැලකි.