(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර දකුණ පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු වේදනා නාශක පෙති අධි මාත්‍රාවක් පානය කිරීමෙන් රෝගාතුරව කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආධුනික පොලිස් කොස්තාපල්වරයා වසරකට ආසන්න කාලයක් තිස්සේ දිගින් දිගටම ප්‍රධාන ගේට්ටුවේ රාජකාරිය යෙදවීම හේතුවෙන් ඔහු දැඩි මානසික අසහනයට පත්ව සිටි බව එම පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු විසි තුන් හැවිරිදි ඇල්පිටිය පදිංචිකරුවෙකි
එම කොස්තාපල්වරයා ඔහු පත්ව තිබෙන මානසිකව පීඩනය සම්බන්දයෙන් කුඩා පොතක මෙලෙස සටහන් තබා ඇතැයිද දැනගන්නට ඇත " අනෙක් අය ඇඳුම් ඇඳගෙන එහෙ මෙහෙ යනවා මම හැමදාමත් මෙතන, මට උදව් කරන දෙන්නයි ඉන්නේ යනුවෙන් ඔවුන් දෙදෙනාගේ නම් ලියා ඔහු මානසිකව පත්ව තිබෙන අසරණ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් සටහන් යොදා තිබියදී එම පොත නිදන ඇඳේ මෙට්ටය යට තිබී කොස්තාපල්වරයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව පොලිස් භාරයට හැකි වූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු සේවයේ යෙදවීමේදී ඔහුට විවිධ අංශ සම්බන්ධයෙන් අවබෝධ ලබා ගැනීම සඳහා සේවයේ යෙදවිය යුතු බව පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ චක්‍රලේඛනයක සඳහන්ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් පත්වීම් ලබා මුල් අවුරුදු තුනක් පරිවාස කාලයක් තියෙනවා එම කාලයේ සේවයේ කටයුතු ඉගෙනීමට අවස්ථාව සලසා දෙන්න අවශ්‍ය වෙනවා... මොහුට පවරා තියෙන රාජකාරි අනුව ඔහුට එම අවස්ථාව නොලැබුණු බවක් පේනවා. ඒක ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියන්න පුළුවන්...!
වගකිව යුතු අයට දඬුවම් දෙන්න...