( මහින්ද නිශ්ශංක)
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ජන්ද විමසීම පැවැත්වෙන අද (06) දින පස්වරු 4.00 දක්වා ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය.
අදත් නිල ජන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමට ජන්දදායකයින් තැපැල් හෝ උප තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගත යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
මෙවර පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදීම පසුගිය 17 දා සිට 29 දක්වා සිදු කළ බවත් පැවසූ නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා එම කාලය තුළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97 ක් පමණ ජන්දදායකයින් වෙත බෙදා හැර ඇති බවත් පැවසිය.
මේ අතර ජන්දදායකයින් පදිංචිය වෙනස් කිරීම, හා ඔවුන් නිවෙස්වල රැදී නොසිටීම යන හේතුන් මත ඉතුරු වන නිල ජන්ද දැන්වීම් පත්‍රිකා අද දිනෙන් පසු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත භාරදීමට පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්