
( මහින්ද නිශ්ශංක )
තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව තැපැල් හෝ උප තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර තම නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේය.
අද සිට පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මැයි 6 දා පස්වරු 4.00 දක්වා තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බවත් නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd