
( මහින්ද නිශ්ශංක )
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනයක් ලෙස අද (27) ප්‍රකාශයට පත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද පෙරවරුවේ සිට පස්වරු 6.00 දක්වා නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදීම සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය.
නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනය වන අද ඉරිදා නිවෙස්වල රැදීසිට තමන්ට හිමි නිල ජන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස දෙපාර්තමේන්තුව ජන්දදායකයින්ට දැනුම් දේ.
ලබන 29 දක්වා නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම සිදුකරන අතර එම කාලය තුළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයින්ට 30 දා සිට ජන්ද විමසීම පැවැත්වෙන මැයි 6 දා පස්වරු 4.00 දක්වා තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd