
( මහින්ද නිශ්ශංක )
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනයක් ලෙස අද (27) ප්‍රකාශයට පත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද පෙරවරුවේ සිට පස්වරු 6.00 දක්වා නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදීම සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය.
නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනය වන අද ඉරිදා නිවෙස්වල රැදීසිට තමන්ට හිමි නිල ජන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස දෙපාර්තමේන්තුව ජන්දදායකයින්ට දැනුම් දේ.
ලබන 29 දක්වා නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම සිදුකරන අතර එම කාලය තුළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයින්ට 30 දා සිට ජන්ද විමසීම පැවැත්වෙන මැයි 6 දා පස්වරු 4.00 දක්වා තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අද නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්