
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.
01 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
02 නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
03 වසන්ත පියතිස්ස මහතා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
04 නලින් හේවගේ මහතා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
05 ආර්. එම්. ජයවර්ධන මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
06 ගමගෙදර දිසානායක මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
07 නීතිඥ ටී. බී සරත් මහතා නිවාස නියෝජ්‍ය අමාත්‍ය
08 රත්න ගමගේ මහතා ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
09 මහින්ද ජයසිංහ මහතා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
10 අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
11 අරුන් හේමචන්ද්‍රා මහතා විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
12 ඇන්ටන් ජයකොඩි මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍ය
13 මොහොමඩ් මුනීර් මහතා ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
14 ඉංජිනේරු එරංග වීරරත්න මහතා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
15 එරංග ගුණසේකර මහතා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
16 චතුරංග අබේසිංහ මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
17 ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
18 වෛද්‍ය නාමල් සුදර්ශන මහතා කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
19 රුවන් සෙනරත් මහතා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
20 වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
21 වෛද්‍ය හංසක විජේමුණි මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
22 උපාලි සමරසිංහ මහතා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
23 රුවන් චමින්ද රණසිංහ මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
24 සුගත් තිලකරත්න මහතා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
25 සුන්දරලිංගම් ප්‍රදීප් මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
26 නීතිඥ සුනිල් වටගල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
27 වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
28 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
29 වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා නියෝජනය නෑ කවුරුවත්...
කාන්තා නම් මන්ත්‍රී පදවිය පමණි. වෛද්‍ය නම් ඔක්කොම ඇමැතිවරු...
උගතුන්ට නිසි තැන දී ඇත. පැවැති, නූගත්, දූෂිත පවුල් පාලන ආණ්ඩුවලට වඩා සැබෑම වෙනසක් දැකිය හැකිය.
බලනකොට සතුටුයි. නොයෙක් විෂයන්හි උගතුන් නිසා. මෙතෙක් කල් රනිල්, මහින්දලා පත්කරපු අමාත්‍ය මණ්ඩල ගැන කියන්නත් හිරිකිතයි.
ජෙප්පන්ගෙන් ප්‍රථමයෙන් 1994දී පාර්ලිමේන්තුවට ගිය නිහාල් ගලප්පත්තිව හලලා, ජෙප්පෝ හදපු ප්‍රථම ආණ්ඩුව ! කොහොමද ජෙෂ්ටත්වයට සැලකිල්ල ! අති විශිෂ්ටයි සෑර් ! මොවුන්ගේ ජේෂ්ටයින්ට සලකන්නේ මෙහෙම නම්, ළඟදී ඡන්දෙ දීපු 68 ලක්ෂයේ මෝඩ ජහමනයාට කොහොම සලකයිද?
29 දෙනෙකුගෙන් නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්නවත්, හොයාගන්න බැරි, ශ්‍රී ලංකාවේ දුර්ලභ මනුෂ්‍ය කොට්ඨාශයක්ද ගැහැණු කියන්නේ? ඒකනේ මොනවා අහනවාද, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය ඇමැතිත් පිරිමියෙක්! අමල්
ජාතික ජන බලවේගය JVP හවුල් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ 21 ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දී ඇත. අධිකරණ නියෝජය ඇමතිවරයකු පත්කිරීමට අමතක වී ඇත.
අධිකරණ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා. උගතුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවක් දැකීමත් සතුටක්. සියලුම දෙනාට අපගේ සුබපැතුම්... රටට විශිෂ්ඨ සේවයක් කිරීමට සියලු සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා..!
අනුර කුමාර ජනාධිපතිතුමා මෙහෙ දොස්තරලා දේශපාලනයට ආවාම රෝහල්වල වැඩ කරන්නේ කවුද? දොස්තරලා රට යනවා කියලා ලොකු ප්‍රශ්නයක් තියෙද්දී මෙහෙම කරන එක හරිද? මේ අය රාජකාරි නොකරන අය නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් රාජකාරියෙන් ඉවත් වෙලා දේශපාලනය කරනවා නම්...?
ඇමතිකමක් දෙන්න ඕන. ඒ සම්බන්ධව විශේෂ දැනුමක් හෝ හැකියාවක් ඇති අයට ගලප්පත්තිටවත් නැති අමාරුවක් සීයාගේ ලොන්තයොන්ට හැදිලනේ. මුලින්ම අර තමුන්ලගේ ජාතික ලැයිස්තු ප්‍රශ්නේ විසඳගන්න. පුලුවන් ශ්‍රී ලංකා කිව්වට මෙලෝ දෙයක් කරගන්න බෑනේ.
සමහර කුහකයෝ ඉන්නවා හරියට මැරිලා ඉපදුනා වගේ? පැවැති දූෂිත ආණ්ඩු කාලේ හිටපු අය කියපුවා, කරපුවා මෙලෝ දෙයක් මතක නැහැ.
මාලිමාවේ පාකිස්තාන්වරුන්ට ඇත්ත කියනකොට ඉත්තෑවෙක් ගියා වගේ අමාරුවක් තියෙන්නේ..!