
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (06) පස්වරු 9.15 වනවිට එක්වූ ආසාදිතයන් 286 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 648 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 24,322 දක්වා ඉහළ ගොස් ඇත.
අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 166 දෙනෙක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 120 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩේ මොකක් උනත්, වැඩේ නම් නැගලා යනවා නේද? පහුගිය කාලේ කොන්දෙ අමාරුවට ගෙනාපු අරිෂ්ඨ බෝතලයක් තියනවා. "කොරෝනා" සුව වෙනවා කියලා, ඒ අරිෂ්ඨ බෝතලෙන් ගානක් පර්ස් එකට දා ගන්න පුලුවන්ද කියලයි මම මේ කල්පනා කරන්නේ? අනික ඉතින්, අපේ කපු මහත්තයා ඕක මට දුන්නේ, ලෙඩේ කෙසේ වෙතත්, ජීවිතය ගොඩදාන ඖෂධයක් කියලයි? කාටද ආඩම්බර?