
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (08) පස්වරු 22.10 වනවිට තවත් ආසාදිතයන් 227 දෙනෙකු එක් වී ඇති අතර එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 510 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.
මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 10,220 ක් වූ අතර අද රාත්‍රියේදී හඳුනාගත් පිරිස සමඟ එම අගය 10,447 ක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොකුර දැන් පෑලියගොඩ - මිනුවන්ගොඩ පොකුර කියලා අලුතින් භෞතීෂ්ම කරලා තියෙන්නේ මුල් නම... ඒ කියන්නේ මුලින් පටන්ගත්ත තැන නම කියන්න බැරිද?