
රාගම පදිංචි පුද්ගලයකු නිවසේදීම කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
අද දිනය තුළ වාර්තා වූ පස්වැනි කොරෝනා ආසාදිත මරණය මෙය වන අතර මින් පෙර තවත් මරණ 4 ක් වාර්තා විය.
මිය යාමට හේතුව ලෙස පශ්චාත් මරණ පරික්ෂණයේ දී දක්වා ඇත්තේ දීර්ඝ කාලීනව පැවැති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් ආසාදනය වීමෙන් උත්සන්න වී ඇති බවයි.
මේ අනුව මිය ගිය මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කළේය.
සබැඳි පුවත් - කොරෝනා මරණ 40 ට නගී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක නීතියක් අනුව රට පාලනය කරන්නේ නම් ජාති, ආගම් අනුව එය වෙනස් විය නොහැක. COVID -19 සැදී මියයන සියලු දෙනාහට පොදු නිතිය ක්‍රියාත්මක විය යුතුවේ. ජනවර්ග අනුව රටේ නිතිය වෙනස් කිරීමට සිදුවුව හොත් බවුදයන් COVID -19 නිසා මැරුණු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නිවෙස්වලට ගෙනයාමට ඉල්ලා සිටීමටද හැකියවක් පවතී. අනවශ්‍ය ගැටළු ඇතිකර ගැනීමට අවශ්‍ය නොමැත. කල යුතුවන්නේ නිතිය පොදුවේ ක්‍රියාත්මක වීම පමණි.
පසුගිය කාලයේ විදේශ මාධ්‍ය ක මෙසේ පලවිය, ලෝකයේ දියුණු රටක ජිවත්වන මුස්ලිම් පවුලක කුඩා දරුවකු එම අසනීපයෙන් බේරා ගැනීමට නම් ඉක්මනින් Blood transfusion කිරීමට අවශ්‍ය බව වෛද්‍ය වරුන්ගේ මතය විය. නමුත් දරුවාගේ දෙමාපිටන් ඔවුන් ගේ ආගම අනුව මේය කෙසේවත් කල නොහැකිබව තරයේ කියා සිටියේය. අවසානයේ වෛද්‍යවරුන් කාරණාව අධිකරණයට ගෙන ගියේය. එහිදී විනිසුරුවරයාගේ නිගමනය වුයේ අසනීප තත්වය සුව කරගැනීමට ඉක්මනින්ම Blood transfusion කොට දරුවා බේරගන්න ලෙස වෛද්‍යවරුනට උපදෙස් ලබාදී දරුවාගේ අසනීපය සෞඛ්‍ය ගැටලුවන් නිසා දෙවියන්ගේ පිහිට ඉල්ලා මෙම දරුවා බේරාගැනීමට නොහැකි බවත් කල යුතුවන්නේ වෛද්‍ය වරුනට ඔවුන්ගේ රාජකාරිය කිරීමට අවස්ථව ලබාදී දරුවා සුව කර ගන්න ලෙසත්ය.
මේක අති භයානකයි. කොරෝනා අස්සෙ මිනිස්සු වෙනත් ආබාධ වලට ප්‍රතිකාර සහ ටෙස්ට් කරන එක නවත්තනවා. කොටින්ම පියයුරු පිලිකා, ප්‍රොස්ටේට් පිලිකා ටෙස්ට් වගේ දේවල්.
මගේ රටට හා එහි සිටින සියලු දෙනාට කිසිදු කරදරයක් නොවේවා.. සියලු දෙනා ඉක්මණින් සුව වේවා.. අපට හතුරුකම් කරන අයටත් යහපතක්ම වේවා. මගේ ලක්මව සදා දිනේවා..