
(අංජුල මහික වීරරත්න)
අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම අරඹා තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීම උදෙසා වන සැලසුම් සහගත වැඩපිළිවෙළ අනුව නිපුණතාවයෙන් හා වෘත්තීය දැනුමෙන් සමන්විත මානව සම්පතක් බිහිකිරීම අරමුණු කර ගනිමින් මෙම අතුරු වෛද්‍ය සේවාවේ (Paramedical) නව පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට අදාලව අයදුම්පත් කැඳවනු ලබයි.
ඒ අනුව අතුරු වෛද්‍ය සේවාවේ දන්ත කාර්මික ශිල්පී (Dental Technician), මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector), සෘජුකරණඤ සහ අංගාදේශක (Prosthetist and Orthotist), කීට විද්‍යා නිලධාරී (Health Entomology Officer), පාසල් දන්ත චිකිත්සක (School Dental Therapist), ඛන්තුරේඛණ ශිල්පී (Electro Cardiographer), ඖෂධ සංයෝජක (Dispenser) සහ විද්‍යුත් නිකර්පන රේඛන ශිල්පි (Electro Encephalographer) යන වෘත්තීය ක්ෂේත්‍ර 08 සඳහා පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුමි පත් කැඳවනූ ලැබේ.
එමෙන්ම අගෝස්තු 7 වන සිකුරාදා දිනැති අංක 2501 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාරව, 2019 සිට 2023 දක්වා වර්ෂයන්හි අ.පො.ස. (උසස් පෙළ) විභාගය විද්‍යා හෝ ගණිත විෂය ධාරාවලින් සමත් වූ සිසුන්ගෙන් මෙම පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි.
මෙම පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 අගෝස්තු මස 31 වනදා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd