(සුමිත් පොතුපිටිය)
කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටින රැදවියකු ගේ අත්සන හොරට යොදා පානදුර මහාධිකරණයෙන් නඩුවාර්තා පිටපත් ලබාගත් එම මහාධිකරණයේම සේවය කළ සේවකයකු අත්අඩංගුවට ගත්බව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
පානදුර මහාධිකරණ රෙජිස්ටාර් විසින් කළ පැමිණිල්ලක් අනුව දීර්ඝ විමර්ශනයක් කළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් මත්කුඩු ජාවාරම් කිරීම සහ ගිනිඅවි සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා එල්ලවී 2018 වර්ෂයේ සිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැදවියකුගේ බිරිඳ , ඔහුගේ නඩුවට අදාල සහතික කළ පිටපත් ලබාගැනීම සදහා මහාධිකරණ කාර්යාලයට පැමිණ ඇති බවත්, එහිදී සැකකරු ඇයට සහායවී රැදවියාගේ අත්සන හොරට යොදා නඩුවාර්තා පිටපත් ලබාදීමට කටයුතු කරදී ඇති බවත් හෙලිව ඇතැයි පොලිසිය සදහන් කරයි .
සැකකරු පානදුර මහාධිකරණ රාජකාරි නිමවා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ස්ථාන මාරුවීම් ලබාගොස් සිට ඇති බවත්, අත්අඩංගුවට ගන්නාවිට කම්කරු අමාත්‍යාංශයේ රාජකාරි කර ඇති බවත් සදහන් වේ.
වසර 21 ක රාජ්‍ය සේවයේ නියුතුව සිට ඇති සැකකරු කූට ලේඛන ඉදිරිපත් කර මෙවැනි වරදකට පෙළඹී ඇත්තේ ඇයිද සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අත්සන හොරට යොදා නඩු වාර්තාවක් ගත් අධිකරණ සේවකයා මාට්ටු