
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කුඩා දරු දෙදෙනකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය කියයි
පානදුර වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ( සහකාර පොලිස් අධිකාරී) නිශාන්ත සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහතා විසින් වැඩ තහනම සිදුකර ඇත
සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 11 වෙනි දින රාජකාරී විවේකය වාර්තාකර ඔහු පදිංචිව සිටින කොස්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී වයස අවුරුදු 7 ක පිරිමි දරුවෙකුට සහ වයස අවුරුදු 13 ක ගැහැණු දරුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd