(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල මොටකැටිආර අළුත්ගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි අයකුට නිවසේ කාන්තාව එල්ල කළ මෝල්ගස් පහරකින් නිවස තුළම මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
පහර කෑමෙන් මිය ගිය පුද්ගලයා කාන්තාවට අතවර කිරීම සදහා නිවසට කඩා වැදුනු අවස්ථාවේ කාන්තාව ගේ මෝල් ගස් පහරට ලක්ව ඇති බවට කාන්තාව විසින් පොලීසියට පවසා ඇති බවට පොලිස් තොරතුරු වලින් පැවසේ .
සිද්ධිය වෙන අවස්ථාවේ කාන්තාවගේ සැමියාද නිවසේ සිටි බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
පහර කෑමට ලක්ව මිය ගොස් ඇත්තේ අළුත්ගොඩ පදිංචි වයස අවුරුදු 31 හැවිරිදි අයකු බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් බවට සැක කෙරෙන කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පොලිස් පරීක්ෂණ සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ගෙදරට ඇවිල්ලා තමාව දූෂණය කරන්න හදනකොට ගෙදරදීම පහර දීලා තියෙන්නේ තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා කියලා පැහැදිලියි... එහෙම තියෙද්දී එම කාන්තාව අත්අඩංගුවට ගැනීම කෙසේවත් සාධාරණයි කියන්න බැහැ.. මෙහෙම වුණාම හොරුන්ට ස්ත්‍රී දූෂකයින්ට මංකොල්ලකෑම් කරන අයට සහනයක් ලැබෙනවා...!
මෝල් ගස් පහර කාලා...
අන්තිමට කාන්තාව වැරැදිකාරයා වෙයි.
මෙම සිද්ධිය වෙන අවස්ථාවේ කාන්තාවගේ සැමියාද නිවසේ සිටි බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ නම්, පරීක්ෂණ අවසන් වනතුරු ඉන්න වෙනවා. සත්‍ය කුමක්ද කියලා...!
ආත්මාරක්ෂාවටම ඒක වුණාද කියලා තහවුරු කරන කන් නිර්දෝශී වෙන්න බැහැ...
වෙනස් කතාවක් TV නාලිකාවේ විකාෂණය උනේ. අපට ගන්න තිබෙන්නේ මොල් ගහෙන් ගහල කෙනෙක් මැරිලා කියන එක විතරයි. නාලිකාවේ ගිය ප්‍රවුර්තිය හරී කියලා හිතෙනවා.