(ඉන්දිකා රාමානායක)

සැකකටයුතු යාත්‍රා පරික්ෂා කිරීම සදහා අණුයුක්ත කර සිටියදි නාවික හමුදා සාමාජිකයන් 6 දෙනකු සමග අතුරුදහන් වූ නාවික යාත්‍රාව දකුණු මුහුදු තීරයේ  ජාත්‍යන්තර මුහුදු සීමාවේ ඇති බවට තොරතුරු ලැබුණ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

මෙම යාත්‍රා  එය ජාත්‍යන්තර මුහුදේ ඇති බවට තවත් නාවික හමුදා නෞකාවක් වෙත අද (18) පෙරවරුවේ කර තිබු දැනුම් දීමක් මත එම නෞකාව ඉහත යාත්‍රාව වෙත ගමන් කරමින් සිටිය බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිතව ඇත.

යාත්‍රාව එංජිම ක්‍රියා විරහිත වීම නිසා එය ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත ගසාගෙන ගොස් ඇති බවට දැනුම් දී ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

හය දෙනකුගේ සමන්විත මෙම නාවික හමුදා කණ්ඩායම (16) දින මෙහෙයුම සදහා දකුණු මුහුද තීරයට ගොස් ඇති අතර, (17) දින සිට ඔවුන්ගේ සන්නිවේදන බිඳ වැටීමෙන් මේ දක්වා ඔවුන් අතුරුදන්ව ඇති බව නාවික හමුදාව කියයි.