
(ආර්.එෆ්.එම්.සුහෙල්)
නිවසින් අතුරුදහන්ව සිටි තරුණයකුගේ සිරුර නුවරඑළිය ග්‍රේගරි වැවට ජලය ගලා බසින තලගලඔයේ තිබි අද හමු වු බව නුවරඑළිය පොලිසිය පවසයි.
නුවරඑලිය බඹරකැලේ වතුයායේ පදිංචිව සිටි සුන්දරලිංගම් ශෂිදරන් (20) හැවිරිදි තරුණයකුගේ සිරුර මෙසේ හමු වී ඇත.
නුවරඑලිය තුරග තරග පිටිය හරහා ග්‍රේගරි වැවට ජලය ගලා බසින තලගල ඔයේ තිබි මෙම මල සිරුර ක්‍රිඩා අමාත්‍යංශයට අයත් නිවාඩු නිකේතනයේ සේවකයකු විසින් දැක ඒ බව නුවරඑළිය පොලිසියට දැනුම් දි ඇත.
මියගිය තරුණයා නුවරඑළිය බඹරකැලේ ප්‍රදේශයේ පිහිටි එස්.ඕ.එස් ළමා ගම්මානය අසලින් මාර්ගයේ බිමත්ව නිවසට ගමන් කරන ආකාරය එම ළමා ගම්මානයේ ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇල්කොහොල් සහ ජලය මිශ්‍රවූ බොහෝතැන්වල මරණ සිදුවී තිබේ
මේකනම් ශුවර් එකට දේශපාලන ගේමක්..!