
(එම්.කේ.නන්දසේන)
මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
මෙම දරුවගේ මව මීට මාස කීපයකට ඉහතදී විදේශගත වී ඇත. ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනීය නරඹමින් සිටියදී ආච්චිඅම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබිණි.
මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්‍රී හිමියන්ට භාරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.
ඔහු මහණ වීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන් කුලියේ සුබෝධිනමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්‍රී හිමියෝ පැවසූහ.
විහාරස්ථානයට ගොස් මහණ වී සිටින මදුරන්කුලියේ සුබෝධි නැමැති පොඩි හාමුදුරුවන්ගෙන් කතාබහ කිරීමට ද අවස්ථාව අපට ලැබිණ. "" ආච්චි අම්මා, තාත්තා පොඩි හාමුදුරුවන් කැඳවාගෙන යාමට පැමිණෙන බවත්, එසේ පැමිණි පසු ගෙදර යනවා දැයි විමසූ විට කියා සිටියේ "මා යන්නේ නෑ, මගේ ආසාව තමයි මහණ වීම" යැයි කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්ධෝදන රජතුමා නන්ද කුමරු හා රාහුල කුමාරයා මහණ කළාට පස්සේ දෙමාපියන්ගේ අවසරය නැතුව දරුවෝ මහණ කරන්න එපා කියලා ඉල්ලීමක් කලා බුදුහාමුදුරුවෝ ඒක අනුමත කර දෙමාපියන්ගේ අනුදැනුම නොමැතිව දරුවෝ මහණ කරන්න එපා කියලා ශික්ෂා පදයක් පැනවීම කළා. මේ දරුවා මහණ කිරීමේදී බුදුහාමුදුරුවෝ පැනවූ ශික්ෂා පදය කැඩුවාද කියලා බලනවා නම් හොඳයි නේද?
මේ දරුවා පැවිදි කළ හාමුදුරුවෝ වරදක් කරලා තියෙන්නේ. භාරකරුවන්ගෙ අවසරයකින් තොරව මහණ කරන්න බෑ හිතුමතේට. මුන්නාන්සෙලා තමයි සාසනේ අපචාර කරන්නෙත්
එහෙම මහණ කරන්න ලොකු හාමුදුරුවන්ට ඇති අයිතිය මොකක්ද?
දැන් ඉතින් නිරාගමිකයෝ මහණ කරපු ලොකු හාමුදුරුවන්ට බණියි. ඒ අයට ඩොලර් එනවානේ...
ළමයාගේ කැමැත්ත පරිදි එම ලමයා මහණ කර ගැනීම පිලිබද සලකා බැලිය යුතුයි...ඒවාගේම බුදුරජුක් පැනවු එම රේගුලාසියද සලකා බැලිය යුතුයි මෙවැනි පින්බර වෙසක් පෝ දිනයක
දෙමව්පියන්ගේ අවසරය නැතිව පැවදි කරන්න බැ නේද
දෙමව්පියන් හෝ භාරකරු අවසරයකින් තොරව 12 හැවිරිදි දරුවෙක් පැවිදි කරන්න බැහැ නේද අවසර. මෙය ලමා අයිතිවාසිකම් සහ සාසන විනය කඩකිරීමකි.
මේ ලෝකේ කිසිම දෙයක් තමන්ට ඕන විදිහට සිද්ධ වෙන්නේ නෑ කියන එක, කිසිම කෙනෙක් තමන්ට ඕන විදිහට ඉන්නේ නෑ කියන එක, සියල්ල තුල තියෙන්නේ දුකක් විතරයි කියන එක ඇතුළුව ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රශ්න වලට මුණ දුන්න ප්‍රශ්න ඇතුලේ ජීවත් වෙන ගිහියන්ට විතරයි. වැඩිපුර ප්‍රශ්න එන කෙනාට වැඩිපුර ඒ දේවල් අවබෝධ වෙනවා. එහෙම ගිහියෙක් විදිහට ඉඳලා අවබෝධ කරගත්ත සත්‍ය තව කෙනෙක්ට පහදලා දෙන්න තමා කෙනෙක් මහණ වෙන්න ඕන. එතකොට සිවුරට තියෙන ගෞරවය භය නිසා උන්වහන්සේ කියන දේ අහන කෙනා ඇත්තක්ද කියලා හිතලා බලනවා. එහෙම නැතුව මහණ වෙලා ප්‍රශ්න වලින් පුළුවන් තරම් ඈත් වෙලා වෙලා ඉන්න, ජීවිතේ තියෙන ප්‍රශ්න මොනවද කියලවත් හරි හැටි අත්දැකීමක් නැති කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ.
සම්පුර්ණ වැරදි වැඩක්.
12ට අඩු ගැහැණු ළමයින්ව විවාහ කරගන්න පුළුවන් රටේ, ඕකත් පුළුවන් කර නම් ඉවරනේ.
මව් ලඟ නොමැතිව හැදෙන දරුවන්ට බොහෝ පීඩාකාරී තත්වයන්ට මුහුණපෑමට සිදුවනවා. එය දන්නේ එයට මුහුණපාන දරුවා පමණයි. පණ්ඩිතකම් කියන කිසිවෙක් එම දරුවන්ට මව නොමැතිව විඳීමට සිදුවන කරදර පිලිබඳව සොයාබැලීමට ඉදිරිපත් වන්නේ නැහැ. සමාජයේ වැරදිකරුවන් වනවාට වඩා ඔහු ගත් තීරණය වැදගත්.
හාමුදුරුවන් වරදක් කරලා, දෙමාපියන්ට, පොලිසියට හෝ අවම තරමින් ග්‍රාමසේවකට දන්වන්න තිබුණා දරුවා ගැන හා සාසනයට ඇතුල් කිරීමට දෙමාපිය /බාරකරු ගේ අවසර ගැනීමට...
ළමාරක්ෂක අධිකාරිය වහාම මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. මෙයද ළමා අපයෝජනයක් වියහැක.
මොන හේතුවක් නිසා හෝ ගෙදරට නොදන්වා ගිය දරුවාගේ ජීවිතය අද ආරක්ෂිතයි. සල්ලාලයින්ට, මෙහෙකාර සේවයට රවටා දරුවෝ ගෙන යන කෙනෙකු අතට පත් නොවී ඉරණම මෙසේ විසඳීම දරුවාගේ පෙර පිනක්... ස්වාමින් වහන්සේ බලෙන් ගෙනියලා මහණ කළේ නැහැනේ. සුනීත, සෝපාක වැනි දරුවන් ඔවුන් අසරණ තත්වයෙන් මුදාගෙන ගොස් මහණ කරද්දී ඒ දරුවන්ගේ දෙමාපියන්ගෙන් බුදුපියාණන් අවසර ගත්තේ නැහැනේ. මේ දරුවා රැකගත් ගරු ස්වාමින් වහන්සේට වැඳ වැඳ පින් දෙන්න.