(සුජිත් හේවාජුලිගේ  සහ අංජුල මහික වීරරත්න ) 

 විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට ( අතුරු අයවැයට) මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  අනුමැතිය ඊයේ (23) හිමිවිය.

මීට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතටද එම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි  සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි නව සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ඊයේ ( 23) පෙරවරුවේ රැස්විය.

එසේම කාරක සභාවට ඉදිරිපත් කෙරුණු  2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ  නියෝග, 2007 අංක 48 දරන විශේෂ වෙළෙද භාණ්ඩ බදු පනත යටතේ නියමයන්  සහ රේගු ආ‍ඥා පනත (235 වන අධිකාරිය) යටතේ යෝජනා සම්මතයන් සදහාද කාරක සභාවේ  අනුමැතිය මෙහිදී හිමිවිය.