(යොහාන් භාසුර)
පෞද්ගලික පොදු ප්‍රවාහන බස් රථ, විදේශ සංචාරයින්, පාසල් දරුවන් සහ පෞද්ලික අංශයේ කාර්ය මණ්ඩ ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවලින් හෙට (20) සිට ඩීසල් ලබාදෙන බවත් මාර්ග අංක සහිත මාර්ගවල ධාවනය වන පොදු ප්‍රවාහන බස් රථ මින් ඉදිරියට වෙනත් පිරවුම්හල්වල පෝලිම්වලට සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
වෘත්තියෙන් ත්‍රීරෝද රථ සේවයේ කටයුතු කරන (පූර්ණ කාලීනව ත්‍රිරෝද රථ රැකියාවේ නිරතවන්නන්) පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් හරහා කඩිනමින් ලියාපදිංචි කිරීමට උපදෙස් දුන් බව කී අමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ගේ නාමලේඛණයක් සකස් කර අදාල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වලට වෙන්කර ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත්ය.
වෛද්‍යවරු විශේෂ අත්‍යවශ්‍ය සේවා ලෙස සළකා සිකුරාදා දිනයේ සේවය කරන රෝහල ආසන්නයේ ඇති පිරවුම්හලකින් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් වෛද්‍යවරුන්ට සමගාමීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද එම අවස්ථාව ලබාදෙන බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවමංගල්‍ය ආයතන අත්‍යාවශ්‍ය සේවාවලට අයිති නැද්ද? දන්නේ නැති නිසා ඇහුවේ...
පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන මේ ආකාරයට දෙන එක හොඳයි. ඉන්ධන හල් වලින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන දෙනවිට ඔවුන් තම බස් රථයට ගසාගත් තෙල් නිවෙස්වලට ගොස් ඇද ඒවා ගබඩා කොට නැවත ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන බවට ආරංචි පැතිර යනවා.
දැන් එතකොට පෙට්‍රල් දෙන්නේ නැත්තේ, සාමාන්‍ය රැකියාවක් කරන කාර් තියෙන අයට විතරයි.
අන්න ඒ විදියට වැඩ පිළිවෙලක් සකස් කළොත් තියෙන තෙල් ටික හරි කරදරයක් නැතුව දෙන්න පුළුවන් වෙයි...!
දොස්තරලා ජීවිතත් එක්ක තරඟ කරන නිසා හැරෙන්න අනිත් සියලුම රාජ්‍ය සේවකයින් අත්‍යාවශ්‍ය නොවේ. ඔවුන් පොදු ප්‍රවාහනය භාවිතා කළයුතුයි. රටේ හැමෝටම, බිස්නස් කරන ලොරි, BOI, බිස්නස් කරන, සේල්ස් රෙප්, ත්‍රී විල්, ටැක්සි හැර පුද්ගලික ගමනා ගමනයට යන වාහනවලට නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් දෙන්න රාජ්‍ය සේවකයින්ට අමුතු සැලකිලි ඕනේ නැහැ. මෙහෙම ගියොත් ඩොලර් හොයන BOI යන බයිසිකල් වල යන කොල්ලෝ, කෙල්ලොත් පාරමැද විරෝධතා කරන්න පටන් ගනියි. මතක තියාගන්න. පෙට්‍රල් ගන්න ඩොලර් එන්නේ BOI වල වැඩට යන කොල්ලෝ කෙල්ලෝ සහ අපනයන කරන අය නිසා. නැතිව වැඩකට ගියත් අපිව රස්තියාදු කරන රාජ්‍ය සේවය නිසා නොවේ..!!!
රෝහලක සියළුම කටයුතු කරන්න වෛද්‍යවරුන්ට විතරක් පුළුවන් කියලා තීරණය කරපු අය වෙන්න ඇති.. එතකොට රෝහල්වල අනෙක් කටයුතු කරන්නේ.. හෙද හෙදියන්.. රසායනාගාර හා සුළු සේවකයින් රෝහල්වල සේවයට වාර්තා කරන්න එන්න ඕනේ පියාඹලාද?
මේ වැඩෙත් වැඩිකල් නොගොස් බකල් වෙයි. අත්‍යාවශ්‍ය සේවා වල නොයෙදෙන අයට ඉන්ධන ලබාගැනීමට හිමිකම් නැද්ද? ඔවුන් මෙරට පුරවැසියන් නොවේද?
නාමල් ද ක්‍රමය කියලා දුන්නේ ?
මේ කාලකන්නි රජය හැමදේම අනාගෙන ඉවරයි.