(රන්ජන් කස්තුරි)
රෝහල්, ආරක්ෂක ස්ථාන සහ ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි අත්‍යවශ්‍ය ස්ථානවලට කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.
එම විශේෂ මෙහෙයුම් මැදිරිය කොළඹ විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍ර යේ ස්ථාපිත කරන බවද අැමැතිවරිය පැවැසුවාය.
පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම දුෂ්කර වුවද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය යුතු බවද ඇමැතිවරිය සඳහන් කළාය.
අත්‍යවශ්‍ය ආයතනවල නියෝජිතයන්ගෙන් සැඳුම්ලත්ව එම විශේෂ මෙහෙයුම් මැදිරියේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරිය පැවැසුවාය.
අත්‍යවශ්‍ය ආයතනවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා එම ආයතනවල නියෝජිතයන් පිරිසක් සමග ඊයේ (8) පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඇමැතිවරිය එම අදහස් පළ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාකට් විමලයගේ වෙන්ටැ...
අනේ කොහෙට කැපුවත් මිරිහානෙට නම් විදුලිය කපන්න එපා
ඉන්න නිළදාරීන්ට පුලුවන් නම් හරියට කපන වෙලාව දාන්න එක ලොකු දෙයක්. මෙ කරන වැඩෙන් ඩොලර් අනිවාර්යෙන්ම රටට ලැබෙන, නමුත් කිසිම වර්ජනයක් , කිසිම දෙයක් නොඉල්ලපු වැඩ කරන මිනිසුනට හෙනම අසාධාරණයක් වෙන්නෙ. කම්පැණිවල ආයොජකයින් වෙන රටව්ලට යනකන් ඉදල ආපහු ඩොලර් නැ, ඩොලර් නැ කියන්නවගෙ හදන්නෙ. විදුලිබලෙ හරි මොකෙ හරි කමක් නැ, කපන වෙලාවල් දැම්මනම් හරි, අකුරු වෙනස් නොකර. ඇයි හප්පා මුන්ට ඒ වගේ සුලු දෙයක් වත් කරන්න බැරි, හැබැයි කතාවනම් ඉන්ජිනේරුවෝ අරකයි මේකයි.