(අංජුල මහික වීරරත්න)

අත්‍යවශ්‍ය දුම්රිය සේවා නිලධාරීන් රඳවා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුම්රිය බලධාරීන්ට දැනුම් දී තිබේ.

දුම්රිය සේවකයන් රැසක් ජනවාරි පළවෙනිදා සිට විශ්‍රාම ලැබීම නිසා දුම්රිය ගමන් වාර  සැලකිය යුතු ගණනක් අවලංගු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් ලේකම්වරයා පැවසූයේ මෙි සිදුවීම වී ඇත්තේ ජනාධිපතිතුමාගේවත් ආණ්ඩුවේවත් වරදක් නිසා නොවන බවයි. 

මෙවැනි තත්ත්වයක් ඇතිවීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී විසින්  විෂය බාර ඇමතිවරයාට මෙන්ම ආණ්ඩුවේ බලධාරීන්ට වාර්තා කරන්නට අවශ්‍යව තිබූ බවද රංගේ බණ්ඩාර මහතා කීය.

ප්‍රශ්නයක් මූලික අදියරේදී ම විසඳා ගැනීමට සහ තවත් පිරිසක් සූදානම් කිරීම දුම්රිය බලධාරීන්ගේ වගකීමක් බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.