(විමුක්ති එස් රුද්‍රිගු)
අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය දෙරටේ පුරවැසියන්ට උපදෙස් දී තිබේ.
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ඖෂධ,ගෑස්,ඉන්ධන සහ ආහාර ඇතුළුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වී ඇත.
පෙට්‍රල් සහ ඩීසල් උග්‍ර හිඟය ව්‍යාපාර,හදිසි සහ ප්‍රවාහන සේවා වලට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
දිනපතා විදුලි විසන්ධි කිරීමද සිදු වේ.මේ හේතුවෙන් ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තා හට ගන්නා අතර විරෝධතා ද පැවැත්වේ.ඉතා කෙටි දැනුම්දීමකින් මාර්ග බාධක දැමීම,විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීම සිදු විය හැක.එම නිසා අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්න යැයි ජූලි 5 වැනිදා යාවත්කාලීන කරන ලද සංචාරක උපදේශනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකන් මෙහෙ මහ ලොකුවට මිලියන ගණන් නාස්ති කර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න හදනවා. නමුත් යටින් වෙන්නේ තම තමුන් ප්‍රවර්ධනය වෙන එක කියලා මුළු රටම දන්නවා. ජනාධිපතිත් දොයි...!
කොහොමත් සංචාරකයෝ ලංකාවට යන්නේ නැහැ. යන්නේ මාලදිවයින් වලට...
විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලය