(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අර්බුදකාරී අවස්ථාවේ සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වන්නේ අතීතය පාරමින් සිටීම නොව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශක්ති ප්‍රමාණයෙන් සහය වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
රට ඇද වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මූලික අවධානය යොමු කරන්නට සිදුවී තිබෙන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට බවත් මේ අවස්ථාවේ හැකි පමණ දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතු අතර රටට නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය බලවත් කළ යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය .
එහිදී විපක්ෂයට මෙන්ම ආණ්ඩුවට එකට වැඩ කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආංශික අධීක්ෂණ කාරක සභා කියන්නේ මොකක්ද?
ඔව් අප්පා... මහ බැංකු මංකොල්ලය වගේ පොඩි සිද්ධි අමතක කරමු. ඒවා ඉතින් අපේ යාලුවන්ගේ පොඩි බිස්නස්නේ...
නැහැ. අපි වැටුණු වලේම ජීවත් වෙන්න පුහුණුව ලබමින් ඉන්නේ. එතකොටනේ ගෝඨලා, මයිනලා ආරක්ෂා වෙන්නේ.
මහබැංකු හොරකම්, දැන් ගෑස්වලින් ගහන්න යන මාර ගැහිල්ල වගේ දේවල් මෙයාලාට සුළු දේවල්. රට විනාශ කළේ මේ වගේ අය තමයි. ලැජ්ජාව කියලා පොඩ්ඩක්වත් නැහැනේ...
ඔබට අගමැතිකම් කරන්නත්, පාර්ලිමේන්තුවේ වාඩිවෙන්නවත් කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. ඔබට කිසි ජනවරමක් නැහැ.. ඔය තනතුර දරන්න. ලැජ්ජයි, ඇඹලයෙක් වගේ තනතුරේ ඇලී ඉන්න පිං අගමැති...!
ඔව්, අනිත් එක ලංකාවේ ජනතාවට ඕනේ ජාති භේද විතරයි.. රට බංකොළොත් වුණාට කමක් නැහැ. අපිට ඔයාලගේ හොරකම් දවසින් අමතක වෙනවා.
සර් මමත් කෝටි ගණන් හොරකන් කරන්නම්.. ඊට පස්සේ නීතිපතිට සහ පොලීසියට කියන්න අතීතය අමතක කරලා දාලා නඩු දාන්න එපා කියලා... හෙම නේද සර්? දැන් මේ රට වැටුණේ ඇයි කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? ඒකට හේතුව ඔබ වැනි දේශපාලුවෝ..
අතීතයේ කරපු පාවාදීම් මතක් වෙනකොට හිත පෑරෙනවා ඇති...
අපිට ඔහෙගෙ තුවාල පාර පාර ඉන්න වෙලාවක් නැහැ .. අපිට පව් නොදී යනව යන්න .
බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ අතීතයේ කරපු මහාපරිමාණ යේ හොරකම් වන්චා දූෂණ නිසයි රට අද වලපල්ලටම වැටිලා තියෙන්නේ ?
අතීතය පාරන්න ගියොත් මහබැංකු කොල්ලය ගැනත් කතා කරන්න වෙනවා. එවිට මෙයාට දුවන්න ඉඩමදිවේවි... මොන එහෙකට අගමැතිකම දුන්නද මන්දා...?
අපිටත් ඔන ගොඩයන්න තමයි. එත් ස්ථාවර, නිර්මනය වගෙ බර වචන කියව කියව ඔහේ ඉන්නව.
ඒ් කියන්නෙ කරපු හොරකම් අමතක කරන්න එ සල්ලි එයාලටම දෙන්න කියලද?