(ආනන්ද ඉ ජයකොඩි)
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයේ කළමණාකරන සේවා නිළධාරිනියකට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් පරිදි එම අංශය ලබන 15 වනදා දක්වා තාවකාලිකව වසා දැමූ බව අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා පවසයි.
එම අංශයේ සේවා කටයුතු ගම්පහ දොම්පෙ හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදු කරන බවද ඒ මහතා කියයි.
නිට්ටඹුව පින්නගොල්ල ප්‍රදේශයේ පදිංචි එම නිළධාරිනියට හා ඇගේ මවට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා වලින් අනාවරණය වීමෙන් අනතුරුව නිට්ටඹුව නැගෙනහිර කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ සී රාජපක්ෂ මහතා පැමිණ එම අංශය තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබා දී එහි සේවය කරන රෙජිස්ට්‍රාර්වරයා ඇතුළු අට දෙනකු නිවාසවලම ස්වයං නීරෝධායනයට යොමු කළ බවද සහකාර ප්‍රාදේශීය ලේකම් වරයා සඳහන් කරයි..
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අත්තනගල්ල ප්‍රා. ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය තාවකාලිකව වහයි
priyashantha Saturday, 08 May 2021 10:01 AM
රෙජිස්ට්‍රාර් අංශය වහන්න එපා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක වැදගත්ම අංශය ඕක විතරනේ මොකක් හරි විකල්පයක් යොදන්න.. A G ඔපිස් එකක් තියෙනවා කියන එක දැනෙන්ත් රෙජිස්ට්‍රාර් අංශය හින්දනේ...