(තිලකරත්න දිසානායක.)

දින කිහිපයක් පුරා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද (29) උදෑසන  6 වනවිට, දූනමලේ ජල මාපකයෙහි මීටර් 4 දශම 22 ක් වශයෙන් සදහන්ව තිබූ බව ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි.

මෙම ජල මට්ටම සුළු ගංවතුර මට්ටමකට පත්වීමක් බවත් ඉහළ ප්‍රදේශයන්හි අද දිනයේදී වර්ෂාව ඇති වුවහොත් අත්තනගලු ඔයෙහි ජල මට්ටම තවත්  ඉහළ යාම සිදුවන බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා පැවසීය.