(සුජිත් හේවාජුලිගේ )
අත්තනගලු ඔයෙන් 1998 වර්ෂයේදී වර්ෂයේදී හමුවූ අවුරුදු එක්දහස් දෙසිය හැත්තෑවක් පමණ පැරැණි පාරුවක් නිසි සංරක්ෂණ ක්‍රමවේද පාවිච්චි කර සංරක්ෂණය නොකිරීම නිසා එය සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම පාරුව සංරක්ෂණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වැයකර පොලිඑතලීන් සහ ග්ලයිකෝල් නම ඇති රසායන ද්‍රව්‍ය මිලදී ගෙන ඇතත් ඒවා එම පාරුවේ සංරක්ෂණ කටයුතු සඳහා යොදා නොගෙන වෙනත් කටයුත්තකට යොදාගෙන ඇතැයි පවසන විගණන අංශ දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශය එය වෙනත් ක්‍රමවේදයකට සංරක්ෂණය කිරීම හේතුවෙන් මෙලෙස විනාශව ගොස් ඇති බවද සඳහන් කරයි.
පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පුරාවස්තු පිළිබඳව ගවේෂණය කිරීම කැණීම් කිරීම සහ සංරක්ෂණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් වන නමුත්
සංරක්ෂණ කාර්යය නිසි පරිදි ඉටු නොකිරීම නිසා මෙම පාරුව විනාශව තිබූ බව විගණන කාර්යාලය පවසයි.
ඉදිරියේදී මෙවැදී මෙවැනි තත්වයක් ඇති නොවීමට කටයුතු කර සියලු පුරාවස්තු ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බව විගණන අංශ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත.
විගණන අංශය කළ විමසුම්වලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ සංරක්ෂණ ක්‍රමවේදය අවසන් වූ පසු නිසි තත්ව යටතේ ප්‍රදර්ශනයට පියවර නොගැනීම සහ ස්වාභාවික හානි සිදුවීම නිසා 2019 වසර අවසාන වනවිට පාරුවේ බොහෝ කොටස් දැඩි ලෙස දිරාපත්ව තිබූ බවයි.
මේ තොරතුරු සඳහන් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 1270ක් පරණයි.. ගොඩට අරන් අවුරුදු 24යි. විනාශයි. මොන මගුලක්ද කියන්නේ..? ඔච්චර 1270ක කාලයක් කොහොමද තිබ්බේ...?
ඕක මොකක්ද? අවුරුදු 2500ක ප්‍රෞඩ සංස්කෘතියක් තිබෙන රටක් අවුරුදු 2න් බංකොළොත් කරලා ජාත්‍යන්තරයෙන් හිඟාකන තත්වයට බස්සවලා තියෙන්නේ...
මම අනූෂා කස්තුරි ආරච්චි, 2008-2009 සංරක්‍ෂණය කළ මේ පරුවාවේ සංරක්‍ෂකවරියයි. එය සුනාමියෙන් පසු ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව සිදු කරන ලදී. සංරක්ෂණයෙන් පසු එය නිවැරදිව ප්‍රදර්ශනය කර නොමැත. එය කෞතුකාගාර ප්‍රදර්ශනයට යැවීමට අපි විශාල වෙහෙසක් ගත්තෙමු. වසර දහයකට පසුව දෙවැනි වරටත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි මම 2019 වසරේ මේ පරුවා සංරක්ෂණ ව්‍යාපෘතියක් කළා. මම මේ ව්‍යාපෘතියේ රාජකාරිය 2019 වසරේ ඇමරිකාවට යන විට වෙනත් නිලධාරියෙකුට පැවරුවා. නමුත් ඒ සංරක්ෂණ ව්‍යාපෘතිය 2020දී නතර කළා. ඒකට හේතු මම දන්නේ නැහැ. මෙම ලිපියෙන් කියැවුණේ පාරුව විනාශ වූයේ වැරදි සංරක්ෂණ ක්‍රමවේදයක් නිසා බවයි. මට ඒක පිළිගන්න බෑ. මේ පැමිණිල්ල කළේ මට වඩා ලී සංරක්ෂණය ගැන පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් මට ඒක පිළිගන්න පුළුවන්. අද මම නැවතත් ඉල්ලා සිටින්නේ විදුර වික්‍රමනායක ඇමැතිතුමාගෙන් මේ පාරුව ගැන පරීක්ෂණයක් කරන්න කියලා. සිදුවූයේ කුමක්ද සහ කවදාද සහ කවුරුන් කළේද යන්න පිළිබඳ සියලු සාක්ෂි මට ඉදිරිපත් කළ හැකිය.
ඔය පාරුව ඇන්ටික් කාරයෙකුට විකුණලා බාල ලීයෙන් තනපු පාරුවක් ඔතැන තියලා ඒක දිරලා කියලා විසිකරලා දැමුවද කියලා කවුද දන්නේ..?
රාජ්‍ය සේවය යනු පිං පඩි කාරයන්ගෙ රජ දහනක්. වෙන රටකනම් අදාල පුද්ගලයන් මෙලහට හිරේ
පුරාවිද්‍යා දෙපර්තමේන්තුව ගැන්නම් කියල වැඩක් නැහැ. කවුතුකාගාරවල බඩු දූවිලි මකුළු දැල් බැදිලා. සේවක අතිරික්තයක් හිටියත් ඔවුන් මෙහෙයවන නිලධාරින් බුදි. රජ් සෝමදේව මහතාගේ අන්ලිමිටඩ් හිස්ට්‍රි බලන්න. ඔවුන් කරන්නෙ වැඩකරන මිනිහගෙ කකුලෙන් අදින එක. ඊර්ශියා කරන එක. දොස්තර මහතෙක් සීගිරි ලන්දුන් ගැන පරීක්ෂණ යක් කෙරුවා. නිලධාරීන් කෙරුවෙ ඔහුට උදව් කරන එක නෙවෙයි, අවහිරකම් කරන එක. මේවා ගැන සොයා බලන්න ඕනෑ. ඔරුව විනාශවෙන්න ඇරිය එවුන්ට දඩුවම් කළයුයි. කුරුණෑගල කච්චේරි පරිසරයේ පැරණි ඔරුවක් ප්‍රදර්ශණය කර තිබුනා. දැන් එය කැලයට යටවෙලා. ගසක අත්තක් කඩාවැටී වීදුරු ආවර්ණයත් බිදිලා. ඒලගම පුරවිද්‍යා කාර්යාලයත් පිහිටා තිබෙනවා.
ඕක මොකක්ද. අර ගාලු කොටුවෙ ඉපැරණි තැපැල් බිල්ඩිම කඩාවැටෙනකන් අපේ උන්දැල බලන් හිටියෙ. මහලොකු ලෝක උරුමයක් ගැන කතාකරනව