(සුමිත් පොතුපිටිය )

නාගොඩ හන්දියේ ඇති විශාල ගසක අත්තක් අද (18) පස්වරුවේ  කඩා වැටීමෙන්, ත්‍රීරෝද රථ තුනකට, බස් රථයකට, අධිබලැති විදුලි රැහැන් පද්ධතියට , විදුලි කණු දෙකකට , සෝලා කණු දෙකකට  ඇතුළු දේපළ හානි රැසකට හානි සිදුව ඇත.

මේ හේතුවෙන්  නාගොඩ හතරමං හන්දියේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.

කළුතර  දකුණ පොලිසිය කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයින් යොදා  මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සිදුකරන අතර, විදුලිබල මණ්ඩල සේවකයින් සහ ආපදා සහන නිලධාරීන් පැමිණීමට නියමිත බව පොලිසිය කීය.

මේ හේතුවෙන් මතුගම, කළුතර, බෝම්ඹුවල සහ පලාතොට දෙසට ගමන් කරන වාහන දැඩි අපහසුතාවයකට ලක්ව ඇත.

කළුතර දකුණ රථවාහන අංශ නිලධාරීන් වාහන ගමනාගමනය යතා තත්ත්වයට පත්කරමින් සිටියි.

ත්‍රිරෝද රථවල සිටි රියදුරන් තිදෙනා ඊට සුළු මොහොතකට පෙර ත්‍රීරෝද රථවලින් පිටතට පැමිණ සිට ඇති අතර, ජීවිත  හානි කිසිවක් සිදුව නොමැත.