IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අතීතේ අතුරුදන් වූවන් හොයන්න 75ක අනුමණ්ඩලයක්

(අංජුල මහික වීරරත්න)

අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ විධිවිධාන යටතේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවා ඇත. අතුරුදහන් වූ සහ දක්නට නොමැති තැනැත්තන් පිළිබඳව විමර්ශන සිදු කර ඔවුන්ගේ ඥාතීන්ට වාර්තා නිකුත් කිරීම සිදු කිරීම මෙම කාර්යාලය විසින් ඉටු කරනු ලබයි. මේ දක්වා එකී කාර්යාලය වෙත ලැබී ඇති 16,966 ක් වූ පැමිණිලි අතරින් විමර්ශනය සඳහා තවදුරටත් පැමිණිලි 10,517 ක් ඉතිරිව ඇත. ඒ අනුව, අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 2027 වර්ෂය අවසන් වන විට පරීක්ෂණ සහ අදාළ රාජකාරි නිම කිරීම පිණිස විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, අදාළ කාර්යය සඳහා විශ්‍රාමික විනිසුරුවරුන්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින්, නීතිඥයින් ඇතුළු සුදුසුකම් සහිත පුද්ගලයින් 75 දෙනෙකුගෙන් සමන්විත අනුමණ්ඩල 25ක් පත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

අතීතේ අතුරුදන් වූවන් හොයන්න 75ක අනුමණ්ඩලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site