(රෝෂන් තුෂාර)
අධිකරණය සෑමවිටම ජනතා දේපල ආරක්ෂා කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අත්අඩංගුවට ගත් බහු දින යාත්‍රාවක් වහාම මුදා හරින ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කළේය.
ජනතා දේපලක් වන බෝට්ටුවක් පිළිබඳ පොලිසිය නිසි විමර්ශනයක් නොකර රඳවා තබා ගැනීම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට හිරිහැරයක් බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ මහේස්ත්‍රාත්වරයා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සැකයට පසුගිය 14 දින තංගල්ල ගැඹුරු මුහුදේ දී අඩංගුවට ගත් "දිල් රුක් පුතා" බහුදින යාත්‍රාව මෙසේ මුදා හැරීමට නියම කළේය. අදාල නියෝගයේ පිටපතක් පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට දන්වා සිටියේය.
අඩංගුවට ගෙන නොමැති හෙයින් යාත්‍රාව මුදා හරින ලෙසය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය මෙහෙයුමෙන් දාන නඩුවල තීන්දු එනකොට මිනිස්සුන්ට වන්දි ගෙවන්න පොලිසියට වෙනම අරමුදලක් පිහිටුවන්න වේවි...
පොලිස්පති, නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට, තම ඊගෝ එක පෙන්නන්න මාධ්‍ය සංදර්ශන කරපුවාම මෙහෙම වෙන එක පුදුමයක් නොවෙයි.
හැමදේම සල්ලිවලට යටවෙලා තියෙන්නේ...!