(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා පිටස්තර පුද්ගලයන්ට බොහොමයක්ම දුරකතන ඇමැතුම් ලබා ගෙන ඇත්තේ පසුගියදා ත්‍රස්තවාදී විමර්ශන අංශය  අත්අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගෙන සිටින සැකකාර කොස්තාපල්ගේ දුරකතන ඇමැතුම් දත්ත විශ්ලේෂණයේ දී මෙම කරුණු අනාවරණය කරගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වෙනුවෙන් හරක් කටා ඉහත කොස්තාපල්වරයාට මුදල් ඇතුලු වරදාන වරප්‍රසාද ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ රාජකාරිය කරන ඉහත කොස්තාපල් හරක් කටා පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කළ දින ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ නිරතව සිටි පොලිසියේ හත් දෙනාගෙන් කණ්ඩායමේ කෙනෙකු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.