(සුජිත් හේවාජුලිගේ )
තනතුරු ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධවූ පිරිස පක්ෂයට යළි එක් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් තවත් සාකච්ඡා වටයක් අද(24) ආරම්භ කරන බව එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පක්ෂයේ විනය මණ්ඩලයේ සාමාජිකයෝද සහභාගි වෙති.
තනතුරු ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධවූ පිරිස යළි එක් කර ගැනීම සඳහා මෙයට පෙරද සාකච්ඡා වට කීපයක් පැවැත්වුවද ඒවා සාර්ථක නොවීය.
තනතුරු ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අටකි. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, ආචාර්ය සුරේන් රාඝවන්, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක එම අට දෙනා වෙති.
මින් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් කැබිනට් අමාත්‍යධූර හොබවන අතර සෙසු පිරිස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කරති.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත හයි කරන්න තවත් සාකච්චාවක් හෙට
අත කොතැනටද හයි කරන්නේ..... Sunday, 23 April 2023 09:51 PM
අත කොතැනටද හයි කරන්නේ..... යකෝ තොපි ඔක්කො එයමල එකතු වෙලා අත නෙවෙයි. තේ ගහපියව්.