(අජන්ත කුමාර අගලකඩ)
හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව, පසුව කොළඹ දී පවත්වන්නට තීරණය කිරීම සම්බන්ධයෙන් පක්ෂ තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇත.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද එම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි දැනගන්නට ඇත.
ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සමුළුව ලබන මස 02 වැනිදා හෙට්ටිපොළ දී පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණි
එහෙත් පසුව එම තීරණය හදිසියේ වෙනස් කර සංවත්සර සමුළුව ලබන මස තුන්වැනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැත්වීමට තීරණය කර ඇත.
හෙට්ටිපොළ දී පැවැත්වීමට තීරණය කළ සමුළුව හදිසියේ අවලංගුකර කොළඹදී පැවැත්වීමට තීරණය වී ඇත්තේ ,ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද ඉල්ලීම මත බව දැනගන්නට ඇත.
අප මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, හෙට්ටිපොළ දී පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර සමුළුව කොළඹ දී පැවැත්වීම සම්බන්ධයෙන් තමාගේ කැමැත්තක් නොමැති බවය.
හෙට්ටිපොළ දී සංවත්සර සමුළුව සංවිධානය කිරීමට ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර ඇති බව කී මන්ත්‍රීවරයා එම කමිටුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අවස්ථා දෙකකදී රැස්වී සාකච්ඡා කළ බවද කීවේය.
සන්වස්සර සමළුව හෙට්ටිපොළ පැවැත්වීමට තීරණය කර සංවිධායකයන්ට ආරාධනා පත්‍ර ද යවා තිබියදී කිසිදු දැනුවත් කිරීමකින් තොරව ස්ථානය වෙනස් කිරීම ගැන පුදුම වන බව ඔහු කීවේය. මෙය ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ වුවමනාවට කළ දෙයක් කී හෙතෙම ආණ්ඩුව සිටින්නේ විපක්ෂයේද ආණ්ඩුවේද යන්න මුලින් තීරණය කරගත යුතු බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම ප්‍රතිපත්තියක් නැති පක්ෂයක් බවට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය
කොළඹ පැවැත්වෙන සංවත්සර සමුළුවට සහභාගි වන්නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කීවේ ඊට සහභාගි වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවය
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අතේ මහ සමුළුව හෙට්ටිපොළින් කොළඹට
Nira Saturday, 19 August 2023 02:01 PM
රට කෑවා...
Jayantha Saturday, 19 August 2023 04:26 PM
අනාගතේ අපේ අතේ....!
Nimal Saturday, 19 August 2023 04:58 PM
මහ සමුළු කොහේ තිබ්බත් මැතිවරණයකදී සියයට 5ක් වත් ගන්න බැහැ...
පචමහා බලවේගය Saturday, 19 August 2023 06:41 PM
නගරයේ පිට්ටනියේ පැවැත්වීමට තිබුණු රැස්වීම කොළඹ හෝටලයකට ගෙනයාමට හේතුවක් හැටියට අපිට කියන්න වෙන්නේ නම් ඕකට එන්න කෙනෙක් නැතුව ඇති කියලා තමයි රැස්වීමක් මහල් කීපයක තියන්න බැහැ කිව්වත් රූපවාහිනී තිරයේ බලන්න වෙන්නේ ඉතින් ඒක ගෙදර ඉඳගෙන බලන්න පුළුවන් නේද? අහෝ යහපාලනය කෑමෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ රැස්වීමක් හෝටල් ශාලාවට සීමා වුනු හැටි..
Deepal Nirosh Saturday, 19 August 2023 08:04 PM
යෝධ සමුළු තියන්න කලින් පක්ෂයක් තියෙන්න එපායැ..., මහත්තයා විපක්ෂයේ නෝනා ආණ්ඩුවේ, මොන පවුල් කෑමක් ද?