
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා අවබෝධතා ගිවිසුමක් අද (5) අත්සන් තැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එහි මහලේකම් සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ යන මහත්වරු එම අවබෝධතා ගිවිසුමට අත්සන් ලැබූහ.
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු විශාල පිරිසක් ද සහභාගි වූහ.


COMMENTS
අත කුඩේ කුඩු වෙලා, කෑලි හැම තැනටම විසි වෙලා. තැන්කිව් හිටං මාමේ
කවුරු ආවත් රාජපක්ෂ පරම්පරාව රටට එපාවෙලා ඉවරයි...
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා, කිසිම හිරිකිතයක් නැතුව ඡන්දේ ඉල්ලනවා. දූෂිතයින්ට වහලුන්ට නම් හොඳයි. ආර්ථික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි...!
මේ මොන මෝඩයෙක්ද .පැත්තකට වෙලා ඉන්නවා ඒ කාලේ මහින්ද කියපු Udithah ඉන්නවා නේ නිල පාට ඇඳගෙන
මෙයා මෝඩයෙක් කියලා අහගත්තාට කමක් නෑ. මිනිහා මහින්දගේ සල්ලිවලට වැඩේ දුන්නනේ.. මේ ගැන කතා කරලා වැඩක් නෑ.