
ඉන්දියාවේ, මුම්බායි නුවර, ගෝර්ගන් පළාතේ 15 හැවිරිදි දැරියකට අතක් බද්ධ කෙරුණි.
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැනැත්තිය අනම්තා අහ්මද් නමැති මෙම දැරිය බවත් විදෙස් මාධ්‍ය පවසයි.
අනම්තාට ඇගෙල් ඇගේ අත අහිමි වී ඇත්තේ 2022 දී විදුලි සැර වැදීමෙනි. අත උරහිසෙන් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇත.
අනම්තාට බද්ධ කෙරුණේ අනතුරක් හේතුවෙන් මොළය මියගිය 9 හැවිරිදි දැරියගේ අතක් බව පැවැසෙයි. මෙම දැරිය ඉන්දියාවේ ගුජරාඨයේ සුරාත් නුවර දැරියකි. මෙම සුරාත් නුවර දැරියගේ අතපය පමණක් නොව, සිරුරේ ඉන්ද්‍රියන් ද පරිත්‍යාග කිරීම සිදුවී ඇත.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd