IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අණ නොතැකූ ටිපරයට වෙඩි

( රොමේෂ් මධූෂංඛ සහ ගයාන් සූරියආරච්චි)

මුලතිව් ඔඩ්ඩුසුඩාන් කත්සිලෙයිමඩු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීමෙන් එම ටිපර් රථයට වෙඩිතැබීමක් සිදුකොට රියදුරු සිය භාරයට ගත් බව පොලීසිය කියයි.

ඔඩ්ඩුසුඩාන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මත්දුව්‍ය ජාවාරම් හේතුවෙන් පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින් මාන්කුලම් මුලතිව් ප්‍රධාන මාර්ගයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කරන ලද අතර එහිදී මාන්කුලම් සිට පුදුකුඩිඉරිප්පු දෙසට ධාවනය වූ ටිපර් රථයකට මෙලෙස වෙඩි තබා ඇත.

ටිපර් රථ රියදුරු විසින් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ටිපර් රථයේ පසුපස රෝදවලට වෙඩි තබා ටිපර් රථය නවතා එහි රියදුරු පොලිස් භාරයට ගනු ලැබීය.

ටිපර් රථයේ නීතිවිරෝධී කිසිවක් හමු නොවී ඇති අතර රියදුරු පොලිස් අණනොතකා ධාවනය කිරීමට හේතුව අනාවරනය වී නොමැත.



අදහස් (0)

අණ නොතැකූ ටිපරයට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site