IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අඩුවට කුළු බඩු දෙන්න ’’සංස්ථාව’’ එකඟ වෙයි

(අංජුල මහික වීරරත්න)

ජීවන වියදමට යම් සහනයක් සැලසීම සඳහා රජයට අයත් කුළු බඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් කුළුබඩු සහ වියළි ආහාර ද්‍රව්‍ය අවම මිල ගණන් යටතේ අලෙවි කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

 වෙළෙඳපොලේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා තිබුනත් සංස්ථා නිෂ්පාදන නාමය යටතේ ඇති කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන  මිල අයුතු ලෙස ඉහළ දමා නැති බව කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදිනී ගුණසේකර මහත්මිය පැවසුවාය.

 කෘෂිකර්ම හා  වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තරමුල්ල  කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ අලෙවි මධ්‍යස්ථානය හා ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයකටද සහභාගී වූ අතර මිරිස්, තුනපහ, ඇතුළු සියලු කුළුබඩු අඩු මිලට ලබා දීමට පියවර ගැනීම  සම්බන්ධයෙන් එම මණ්ඩලයේ කළමනාකාරීත්වයට කෘතඥතාවය පළ කළේය.



අදහස් (1)

අඩුවට කුළු බඩු දෙන්න ’’සංස්ථාව’’ එකඟ වෙයි

Thepulangodage Thursday, 18 January 2024 04:52 PM

මමත් ඔය ආයතනයේ පාරිභෝගිකයෙක් තමයි... ඒත් ඔතැන තියෙන සමහර ද්‍රව්‍ය මිල අඩුයි කියන්න පුළුවන් වුණත් තත්වය ගැන එතරම් පැහැදීමක් නැහැ. මොකද මිරිස් කුඩු ගැන කිව්වොත් ඒවායේ මොකක්ද අඩුවක් දැනෙනවා... ඒකට විසඳුමක් දෙනවා නම් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site