IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට  රජය හඳුන්වාදුන් වැඩසටහන  නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපන ශාලාවේදී අද අරැඹිණි.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. 

මේ අනුව රුපියල් දෙසීයක් වැනි අඩු මිලකට පෝෂණයෙන් සපිරි විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට  ජනතාවට අවස්ථාව ලැබෙයි.  මෙම පෝෂ්‍යදායී සමබල ආහාර වේල ඇතුළත් වට්ටෝරුව ඉදිරියේදී රජයේ සහ පෞද්ගලික සියලු ආපනශාලා වෙත හඳුන්වාදීමට නියමිතය. 

ඇසුරුම් කළ දේශීය ආහාර වර්ග මෙන්ම පෝෂ්‍යදායී කෙටි ආහාර වර්ගද, මෙහිදී පහසු මිලට ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

මෙම අවස්ථාවේ ආරාධිතයා  ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා එක් වූ අතර ඔහු එහිදී  සඳහන් කළේ ජනතාවට ගුණාත්මක, සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රමාණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම අත්‍යවශ්‍ය බවයි.

ඒ වෙනුවෙන් මඟපෙන්වීම සහ වෙළෙඳ ප්‍රජාවගේ  ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පෝෂණ) වෛද්‍ය මොනිකා විජේරත්න යන මහත්ම මහත්මීහු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (14)

අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි

Nihal Tuesday, 01 April 2025 08:11 PM

නගරවල හොටෙල් නමින් පවත්වාගෙන යන බත් අපිරිසිදුකම වගේම ගිණි ගනණ්,කුස්සිය ඌරු කොටුවකට වඩා අපිරිසිදුයි,උයන පිහන එකෙක්වත් වැසිකිලිය යැමේන් පසු සබන් දමා අත් හෝදන්නේ නැත,ලංකාවේ මිනිස්සුන් හරියට අසූචි මිශ්‍ර ආහාර කනවා .

:       0       6

ගුණරත්න Tuesday, 01 April 2025 08:15 PM

මහජනයාගේ බදු සල්ලි පුච්චන විදි! අපි කවුරුත් දන්නවා රුපියල් 200කට ඔය කියන සමබල ආහාරවේලක් ගන්න බැහැ කියල, එහෙම දෙන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුව සමහර වියදම් දරාගන්න නිසා, ඉතින් ඕකෙන් වෙන්නේ පාඩුවක්. සොවියට්දේශයේ සමූහ ගොවිපොළවල්, කොමියුනයන් තිබුනා, ඒවාට පොදු මුළුතැන් ගෙවල් තිබුනා, මිනිස්සු ගෙවල් වලදී කෑම හදනවා වෙනුවට අර මුළුතැන්ගෙවල් වලින් ආහාර ගත්තා කියල සෝවියට් පොත් වල තිබෙනවා. ඔය ක්‍රමේ සාර්ථක නම් ඇයි ලෝකේ අනිත් රටවල එක නැත්තේ? ඇයි සොවියට්දේශය තවදුරටත් නැත්තේ?

:       2       4

ලලනි Tuesday, 01 April 2025 10:08 PM

යෝගා සහ ගුණසේකර මෙකට කියන මොට්ට කතාව මොකක්ද කියල දැනගන්න මම නොඉවසිල්ලෙන් බලාසිටිනවා!

:       3       1

Toni Wednesday, 02 April 2025 05:09 AM

මෙන්න අන්දරේගේ තවත් එක විහිළුවක්

:       12       15

,Roland Kuranage Wednesday, 02 April 2025 08:03 AM

රිලවුන්ගේ ප්‍රශ්නය විසදෙන ලකුණු පහළ වී ඇත

:       5       16

Palitha Wednesday, 02 April 2025 08:30 AM

ජෙබයියන්ට සාධාරණ කොටාගේ හොටෙල් වලින් කන්න පුළුවන් . හැබැයි ඉක්මනට හොඳේ. චන්දේ ඉවරවෙලා සතියෙන් වහනවා

:       9       15

Nimal Wednesday, 02 April 2025 10:22 AM

පින්තූරේ නම් තියෙන්නේ ෆාස්ට් ෆුඩ් කඩයක් නේද ?

:       3       11

Neel Wednesday, 02 April 2025 10:30 AM

නරීයා දන්නේ කැලේ මැද පමනී....

:       3       6

පම්පෝරි ජනක Wednesday, 02 April 2025 10:41 AM

සිලින්ඩර් බයියෝන්ට නම් මෙවැනි දේවල් පුරුදු නැත , ඔවුන්ට පුරුදු තමන්ගේ හාමුල ,බේබිල රජයේ මුදලින් නිකන් කාල ප්‍රෂ්ටිමත් ම කෙලිදොලෙන් ඉන්නවා දැකල සතුටු වීම පමණි

:       15       16

Akila Wednesday, 02 April 2025 11:58 AM

නොමිලේ කෑම දෙන රජයේ බෝඩිම්වලට හොර හාමුලාව දක්කන ගමන්, ඒ ගොල්ලන්ට කඩේ යන වහලුන්ටත් මේ වැනි දේවල් දාලා දෙන එක හොඳයි..!

:       2       1

Gamini Wednesday, 02 April 2025 12:07 PM

ඒ කියන්නේ නීල් කාලේ මඩ දානවා එහෙමනම්. දුප් නරියා!

:       1       2

Hemantha Wednesday, 02 April 2025 12:11 PM

පම්පෝරි ගොනෝ, පම්පෝරි ගහන්න එපා

:       1       3

AthulaWednesday, 02 April 2025 03:38 PM

තොපි පුදුම කාලකන්නි ජාතියක්.. යකෝ මේවගේ දේවල් පෙන්වා දුන්නේ මැතිවරණ වලට පෙර... මේවා සෞඛ්‍ය සම්පන්න ජනතාවක්‌ ගොඩ නගන්න අත්‍යවශ්‍ය දේවල්... ඔවුන් කරන්නේ පූර්වාදර්ශයක්

:       4       4

Sellakkara Kolla Wednesday, 02 April 2025 03:06 PM

මට ආප්පයක් දෙනවද ? ආප්ප හදන මිස් අද නෑ ලබන සතියෙ එන්න

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31401 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13652 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11025 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1042 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site