
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ වී අස්වනුවල අඩුවීමක් පසුගිය වසර 10ක කාලයේ දී දක්නට ලැබෙන බව අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) පවසයි.
ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා යොදාගන්නා හෙක්ටයාර් 890000 ක භූමි ප්‍රමාණයෙන් සියයට 75 ක්ම කුඩා පරිමාන ගොවීන් විසින් වගාකරනු ලබන අතර, මේවායෙහි නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාවක් ඇතත්, වියළි සහ අතරමැදි කලාපවල වී නිෂ්පාදනය පසුගිය අවුරුදු 10 ක කාලසීමාවේදී වර්ධනය නොවීම හෝ අඩුවීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුණු බව එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙය ආසියාවේ වී වගා කරන අනෙකුත් රටවල දක්නට ලැබෙන නිෂ්පාදනය වර්ධනයවීමේ තත්වයන්ට ප්‍රතිවිරුද්ධ තත්වයක් බව ද එහි සඳහන්ය.
වියළි සහ අතරමැදි කළාපයේ වී නිෂ්පාදනය සියයට 10 කින් ඉහළ නැංවුවහොත් ශ්‍රී ලංකාවට ටොන් මිලියන භාගයක අතිරේක වී නිෂ්පාදනයක් සිදුකළ හැකි අතර, වඩාත් කාර්යක්ෂම වගා ක්‍රමයන් හඳුන්වාදෙන්නේ නම් අඩු ජල ප්‍රමාණයක් හා අවම රසායනික ප්‍රමාණයක් යොදාගනිමින් සහ අඩු පිරිවැයක් යටතේ එම නිෂ්පාදනය ඉහළ නැංවිය හැකි බව ද අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය කියයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ සහාය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශය සමගින් එක්ව ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපයේ වී නිෂ්පාදනයන් සහ ඒවායේ ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි එහි දැක්වේ.
මේ සම්බන්ධයෙන් ආරම්භක වැඩමුලුවක් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් මැනිලා හි අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ විද්වතුන් සහ පාර්ශවකරුවන් සමගින් එක්ව පසුගියදා පවත්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඩුවී ඇති වි අස්වනු නැංවීමට ජාත්‍යන්තර සහය
යෝගා Thursday, 09 March 2023 06:08 PM
මේ රටේ ගොවිතැනට යොමු වන බහුතරයක් අඩුම අධ්‍යාපන මට්ටමක් ඇති අය වීමත් හේතුවක් වෙන්න පුළුවන්...