(අංජුල මහික වීරරත්න)
දේශපාලන පළිගැනීම් වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
1994 වසරෙන් පසු දේශපාලන පළිගැනීම් වලට ලක්ව රුපියල් ලක්ෂ දහයට වඩා අලාභ සිදුවූ බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවෙන් නිගමනය කරන ලද 66 දෙනෙක් සඳහා මුලින්ම වන්දි ගෙවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වූ සැණින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුව පත් කෙරුණු අතර එම කමිටුවට පැමිණිලි එකසිය 164 ක් ලැබී තිබිණි.
එම පැමිණිලි වලින් 66ක් සඳහා වන්දි අනුමත කෙරුණු අතර සෙසු පුද්ගලයන් ඉදිරිපත් කළ අභියාචනා සලකා බලා සුදුසු වන්දි මුදල් තීරණය කිරීමට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටු කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
කමිටුවට ඉදිරිපත් කෙරෙන අභියාචනා සම්බන්ධයෙන් එජාප කලාප සංවිධායකවරුන් හරහා වැඩිදුර විමර්ශන කර අදාළ මාස දෙකක කාලයෙන් පසු ඔවුන්ට ද සුදුසු පරිදි වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව එජාප මහ ලේකම්වරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1994 වෙච්චි පළිගැනීම් වලට වන්දි දෙන්නේ දැන්ද? සමහර මිනිස්සු මැරිලාත් ඉවරයි. තමන්ට වෙච්චි අසාධාරණයට විසඳුමක් නැතුවම. දන්න විදියට පැමිණිලි 20000 කට වඩා තිබුණා. නායකතුමාගේ සුපිරි මොලේ හැටියට ඒක බාරදුන්නා පරිපාලන අමාත්‍යාංශයට. ඒ දවස් වල ඒකේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැති නිලධාරින් ඒවා යැව්වා හමස් පෙට්ටියට. පළිගැනීම් වලට ලක්වෙච්චි යූඇන්පී කාරයින් ඉළඟ ඡන්දෙන් යැව්ව රනිල් ඇතුලු සමාගම ගෙදරම. ලියන්න ගියොත් පොතක් ලියන්න පුළුවන්...
මේ ඔක්කෝම කෙරෙන්නේ රටේ ජනතාවගේ බදු මුදලින් නේද? ලේකම් උන්නැහේ? නැතිව ඉතිං දේශපාලන පළිගැනීම් කරපු අයගෙන් අය කර ගන්නවා කියලාද? එහෙමත් නැත්නම් පක්ෂ අරමුදලින් ගෙවනවා කියලාද? දියවන්නාවේ ඉන්න 226 ම අපායේ ඉඳනුත් මේ රට කන එකනම් නතර වෙන්නේ නෑ, ඒක ෂුවර්...
මොවුන් බලය අහිමිවීමට පෙර බොරු කමිටුවක් පත් කරමින් මහජන මුදල් තවත් හොරකම් කරමින්, පාක්ෂිකයින් රැකගන්න උත්සාහ කරන්නේ...
දීලා බලන්නකෝ..!
ඔයාගේ ද පක්ෂෙ සල්ලි ද දෙන්නේ...?
ඕක තමයි කියන්නේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. පරණ සෙල්ලම් ආයේ පටන් ගන්න ද යන්නේ? යූඇන්පි එකෙන් 1977 ඉඳලා කරපු පළිගැනීම් අහගන්න කැමැතිද? මෙයාලා තරම් දේශපාලන පළිගැනීම් වෙනත් අය කරලා නැහැ...
හැමදාම වගේ හැන්ද තමන්ගෙ අතට ආවාම තමන්ගේ අයට බෙදා ගන්නවා. ඊට පස්සේ ඒක විකුණලා ඡන්ද හිඟාකනවා. යැපෙන බත් බැලයින් වැඩිවෙන තරමට මේ වගේ තක්කඩියන්ගේ පැවැත්ම තහවුරු වෙනවා. හැබැයි දවසින් දවස රට වල පල්ලටම යනවා. මේ රට ආයෙත් ගොඩගන්න බැරි රටක් වෙලා ඉවරයි. ඒක හින්දා මිනිස්සු විදියට ගරුත්වය තියන් ජීවත් වෙන්න ආසා නම් රටක නීතිය යුක්තිය ඉටුවෙන මිනිස්සුන්ගේ අයිතීන් පිළිගන්න රටකට ජීවත් වෙන්න යන්න උත්සාහ ගන්න...
වන්දි ගෙවන්න සල්ලි දෙන්නේ කවුද? රටේ ජනතාවට කන්න නැතිව දුක් විඳිනවා. මොවුන්ගේ වන්දි භට්ටයින්ට වන්දි ගෙවන්න හදනවා. මොවුන් කොහේ හිටපු අයද? ඡන්දෙන් පැරැදිලා හැංගිලා හිටපු අය... ගෙවලා බලන්න මොකද වෙන්නේ කියලා.
මිනිස්සු මරාගෙන බදු ගහලා ඒවා ඡන්දේ ලංවෙනකොට බෙදනවා මොනවා හරි කියලා. කොච්චර බෙදුවත් මේ පාර ඔබලා වාර්තාගත විදියට පරාජය කරලා ගෙදර හෝ මහගෙදර...!
කවුද එතකොට ඔය අඩම් තේට්ටම් කරලා තියෙන්නේ. පොහෙට්ටුවේ අයද? ඔය දෙගොල්ලන් යාළුවොනේ... මහජන මුදල් කොල්ලකන්න මොනවා හරි උප්පරවැට්ටියක් දාගන්නවා.
එජා පාක්ෂිකයින්ට වන්දි ගෙව්වාම ප්‍රශ්න සියල්ලම විසඳෙයි... ඖෂධ මගඩිය නිසා රෝගීන් කිහිප දෙනෙක් මිය ගියා... තවත් අයගේ ඇස් අන්ධ වුණා. තවත් අය සදාකාලික රෝගීන් බවට පත්වුණා. ඔවුන් ගැන කුමට සොයා බලනවාද? දැන් ඡන්දෙකටත් සූදානම් වෙමු. අපේ නිවසට ප්‍රචාරක කටයුතු සඳහා පැමිණිවිට අපි හොඳින් සලකන්නම්...
අර මහ බැංකුවෙන් පිල්ලි ගහපුවා වෙන්න ඇති බෙදන්න යන්නේ...?
යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ හදන්නේ. ඒ පාර බලනවා තව මුට්ටියක් දාලා බලන්න. ලැබිච්ච චාන්ස් එකෙන් ජනතාවගෙන් හූරලා ගත්තු බදු මුදලින් පාක්ෂිකයින්ට සන්තෝසම් දීලා ඡන්ද ටිකක් ගරා ගන්න පුළුවන්ද කියලා ට්‍රයි එකක් දෙන්නයි බලන්නේ... මොකද අම්මාගේ අප්පාගේ බූදලෙන් එන සල්ලි නෙමෙයිනේ. මොවුන්ගේ කපටි කයිරාටිකකම නම් ගලේ ගහලා හේදුවත් අරින්න බැහැ. ආයේ ආයේමත් ඒකමයි කරන්නේ...
රනිල්ට, ඕවා කරන්න බලය දුන්නේ, අපි දුන්නේ ගෝඨාභයට බලය ඕවා කරන්න නෙවෙයිනේ... අනික අපි ගෝඨාභයට ඡන්දය දුන්නේ රනිල්ට දෙන්න නෙවෙයිනේ...!