(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා අඩුම ලංසුවට ගෑස් මිලදී ගැනීමට බලකරමින් ලිට්රෝ ගෑස් සමාගමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණය හමුවේ අද (12) රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ, ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස්, එහි අධ්‍යක්ෂ මණඩලය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුවේ ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසකි.
වගඋත්තරකාර සමාගම ගෑස් මිලදී ගැනීමට ඉදිරිපත් වූ ටෙන්ඩර්කරුවන්ගෙන් අඩු ලන්සුව ඉදිරිපත් කර තිබූ අයගෙන් එය ලබානොගෙන වැඩි ලංසුව ඉදිරිපත් කළ ‘ඇක්ටිව්’ නමැති සමාගමකින් ගෑස් මෙට්්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 129කට මිලදී ගැනීමට තීරණය කර තිබූ බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.
මෙය පාරිභෝගිකයන්ට සිදුකළ අසාධාරණයක් බැවින් මෙම මෙත්සම විභාගයට ගෙන මෙහි වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම අදාළ ටෙන්ඩරය මිලදී ගැනීමට අදාළ තීරණය බලරහිත කරන ලෙසත්, අඩු ලංසුවට ඉදිරිපත් කළ ටෙන්ඩරය ලබාගැනීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් නියෝග නිකුත් කරන ලෙසට පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අඩුම ලංසුවට ගෑස් ගන්න: ලිට්රෝ සමාගමට එරෙහිව රිටි පෙත්සමක්
කිරිපුතා Tuesday, 12 July 2022 05:20 PM
වැඩි මිලට ගන්න සිද්ධ වුණේ අවශ්‍ය තොග අඩු මිලට දෙන ආයතන නොදෙන නිසා කියලා සභාපති තුමා ප්‍රසිද්ධියේ කිව්වා නේද. අර රෙද්දයි මේ රෙද්දයි අටවලා ආයෙමත් රටේ ගෑස් හිගයක් හදාගන්න තමයි දඟළන්නෙ