(සුජිත් හේවාජුලිගේ සහ අංජුලමහික වීරරත්න)
අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කර ඇ. ඩො 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.
එසේම ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො මිලියන 160 ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙනන්ද වහාම සොයා බලන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත.
කමිටුව දුන් නියෝග ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතන ක්‍රියාත්මක කළ ආකාරය සහ එම ආයතන වල කාර්ය සාධනය විමසීම සඳහා ඒවායේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට පෙරේදා කැඳවනු ලැබ සිටියහ. මේ නිර්දේශ ලබා දී ඇත්තේ ඒ රැස්වීමේදීය.
ගෑස් මිලදී ගැනීම සදහා තිබූ වාර ටෙන්ඩරය පසුගිය පෙබරවාරි මාසය වන විට අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො 2,80,000 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැදවන ලද බවත් ඒ අනුව ගෑස්සැපයුම්කරුවන් තිදෙනකු ලංසු ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී තොරතුරු අනාවරණයවිය. මෙහිදී සියාම් ගෑස් සමාගම ඇ.ඩො 96 බැවින් අවම මිල ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටෙ මිනිස්සුන්ට මෙච්චර අමාරු වෙලා තියෙන වෙලාවෙත් කොමිස් කුට්ටියට මෙවගෙ සක්කිලි වැඩ කරන ඇමතියො, මන්ත්‍රියො ඇතුලු මෙ හොරා කාපු සල්ලිවලින් බත් ඇටයක් උනත් කන උන්ගෙ පවුල් වල හැම එකාම කන බත් ඇටයක් ඇටයක් ගානෙ කුනු වෙන්න ඔන.
රට බංකොලොත් වෙලාතියෙන මෙ අවස්ථාවෙවත් වැඩිමිලට හෝ අරන් කොමිස් ගහන්න තමා බලන්නෙ රටක් ගොඩඒන්නෙ කොහොමද?
යහපාලන සමයේ ලිට්රෝ සභාපති සහ එමකාලයේ අපිට ගෑස් සැපයූ ඕමාන් සමාගම අපහු සෙට්වෙලා... දෙගොල්ලන්ම සතුටින් බිස්නස් එක කරගෙන වගේ...!
මෙතරම්ම අමාරු වෙලාවකත් ජරාව කන මොවුන්ව මහජන අධිකරණයට බාර දෙන්න අර රාජපක්ෂ පරපුර එක්කම... හෙට සිට රට දියුණුවට යයි...
සියාම් ගෑස් කොමිස් දෙන්න එකඟ නැතුව ඇති.
වෙනසක් තියෙනවද බලන්න ප්‍රවෘත්ති දෙකේ... පණ අදිමින් සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින්...