
(ඩයනා උදයංගනී)
චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් තුනක අඩු ආදායම් ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර ලබාදීම ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්හොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (9) සිදුකෙරිණි.
කොටහේන මධ්‍ය මහා විද්‍යාලය, කොටහේන සිංහල ප්‍රාථමික විද්‍යාලය සහ ග්‍රෑන්ඩ්පාස් අල්නසීරා විද්‍යාලය යන පාසල්වල දරුවන් වෙත මෙහිදී වියළි ආහාර පාර්සල් පිරිනැමිණි.
එහිදී චීන තානාපතිවරයා පාසල් සිසුවකු වෙත වියළි ආහාර පාර්සල් ලබාදීම සිදුකළ අතර, ඔහුගේ බිරිඳ සහ කොටහේන මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති මොහාන් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර )





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd